අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇමරිකානු චීන හා රුසියන් බලවතුන් 3ක් පැය තුනක් තුළ විදේශ සබ‍‍ඳතා ඇමැති හමුවෙති

    ජනවාරි 16, 2020

    චීන විදේශ ඇමැති වැන්ග් යී, රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් යන මහත්වරු සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු අංශයේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් ජී වෙල්ස් මහත්මිය විදේශ සබඳතා අමාත්‍යාංශයේදී විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූහ.

    (13) දිවයිනට පැමිණි ඇමරිකානු නියෝජ්‍ය සහකාර ලේකම්වරිය (14) පෙරවරු 8 ට විදේශ සබඳතා අමාත්‍යාංශයේදී විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වූවාය.
    අනතුරුව (14) අලුයම “එයරොෆලොට්” ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ කටයුතු ඇමැති වැන්ග් යී මහතා පෙරවරු ට දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වීය.


    (14) අලුයම ගුවන් යානයකින් මෙරටට පැමිණි රුසියානු විදේශ ඇමැති සර්ජි ලැව්රොව් මහතා පෙරවරු 11ට විදේශ සබඳතා අමාත්‍යාංශයට පැමිණ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීය. එම සාකච්ඡාවලින් පසු රුසියානු හා ශ්‍රී ලංකා විදේශ ඇමතිවරුන් විසින් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වනු ලැබීය.


    මෙහිදී අදහස් දැක්වූ, විදේශ සබඳතා ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශවික වෙළෙද ගණුදෙනු ඇමරිකානු ඩොලර් මිලියන 700 දක්වා ඉහළ දැමීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව
    තමා රුසියානු විදේශ ඇමැතිවරයා සමග සාකච්ඡා කළ බව කීය. එහෙත් 2018 වසරේදී දෙරට අතර වෙළෙදාමේ ඇමෙරිකානු ඩොලර් බිලියන 388.98 ක් බවද ගුණවර්ධන මහතා පැවසීය.


    මේ හැර ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, ජල කළමනාකරණය, අධ්‍යාපනය, වෙළද හා සංචාරක ව්‍යාපාරය, ආරක්ෂක කටයුතු වර්ධනය කිරීමට රුසියාව ආධාර කරන බවටද සර්ජි ලැව්රොව් මහතා මෙම ද්වි පාර්ශවික සාකච්ඡා වලදී පැවසූ බවද ඇමැතිවරයා සදහන් කළේය.
    ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, විදේශ සබදතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ යන මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya