අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩාව තුළින් මිනිසුන් නගා සිටුවීම සහ සාමය ඇති කිරීම සදහා වන GCS ජාත්‍යන්තර සංවිධානයේ 45 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරේ

    ජනවාරි 24, 2020

    ක්‍රීඩාව තුළින් මිනිසුන් නගා සිටුවීම සහ සාමය ඇති කිරීම සදහා වන GCS ජාත්‍යන්තර සංවිධානයේ 45 වන ශාඛාව ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරේ

    GCS ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකාවේ පළමු සභාපතිධූරයට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ගරු සභාපති කංචන ජයරත්න මහතා පත්වේ.

     විවිධ හේතුන් මත සමාජයේ අවම පහසුකම් ඇති දරුවන් ටයිකොන්ඩෝ ක්‍රිඩාව තුලින් ජයගැන්වීම හා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සාග් ක්‍රිඩා උළෙලේ දී දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කිරිම මූලික කරගෙන ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති Dr. Chungwon Choue මහතා පසුගියදා දිවයිනට පැමිණි අතර, එතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) දින කොළඹ ජාතික ඔලිම්පික් නිවස්නයේ දී ජාතික ඔලිම්පික් කම්ටුව සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කර තිබූ විශේෂ රැස්වීමක් පැවැත්විනි.

     

    ක්‍රීඩාව තුලින් මිනිසුන් නගා සිටුවීම සහ සාමය ඇති කිරීම සදහා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයට අනුබද්ධිත ජාත්‍යන්තර සංවිධානයක්, සමාජ සුබ සාධන කටයුතු සහ යටිතල පහසුකම් සංවර්ධනය සිදු කරනු ලබන සංවිධානයක් වන GCS (Good Well Corporation Service) සංවිධානයේ ශ්‍රී ලංකාවේ ශාඛාව පිහිටුවීම ද මෙහිදී සිදු විය. ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති Dr. Chungwon Choue මහතා එම සංවිධානයේ වර්තමාන සභාපතිධූරය ද දරනු ලබයි. GCS සංවිධානයේ සාමාජිකත්වය දැනටමත් රටවල් 44 ක් ලබාගෙන ඇති අතර, එම සංවිධානයේ 45 වන සාමාජික රට බවට ශ්‍රී ලංකාව මේ අනුව පත් වේ.

     

    ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද GCS සංවිධානයේ ප්‍රථම ශ්‍රී ලංකා සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ගරු සභාපති, රත්නපුර දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමයේ ගරු සභාපති කංචන ජයරත්න මහතා මෙහිදී පත් කරන ලද අතර, එම පත්වීම් ලිපිය ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති Dr. Chungwon Choue මහතා විසින් ලබාදෙන ලද අතර, GCS සංවිධානයේ නිල කොඩිය සහ නිල ලාංඡනය පැළදවීම ද එතුමා අතින් මෙහිදී සිදු විය.

     

    මෙම අවස්ථාවට GCS ජාත්‍යන්තර සංවිධානයේ ලේකම් Dr.Seok-jae Kang, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලේකම් චමින්ද පුංචිහේවා, GCS ජාත්‍යන්තර සංවිධානයේ සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya