මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දස්කම් දැක්වූවන් අගයයි

    ජනවාරි 16, 2020

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලක දී දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව දිනාගනිමින් මෙරටට අභිමානයක් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා සංවිධානය කර තිබූ ක්‍රීඩා අභිමානී සම්මාන උළෙල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (15) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත් විණි.

    අන්තර් ජාතික වශයෙන් අපේ රටට කීර්තියක් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට විධිමත් වැඩ පිළිවෙළක් සකස් කල යුතු බව මෙම අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල හම්බන්තොට දී පැවැත්වීමට උත්සහ කළත් ඊට ඉඩක් නොලැබුණු බව සඳහන් කල අගමැතිවරයා ඉදිරියේදී අන්තර්ජාතික ක්‍රීඩා ඉසව් ද මෙරට පැවැත්වීමට සැලසුම් කල යුතු බව සඳහන් කළේය. තාක්ෂණික පහසුකම් අතින් මෙන්ම විශාල අඩුපාඩුකම් රැසක් මධ්‍යයේ වුවද ක්‍රී‍්ඩා උළෙලට සහභාගී වෙමින්, රෝගී තත්වය යටතේ වුවද තරඟ කරමින් මාතෘභූමියට ජයග්‍රහණය ගෙනා මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතියේ ගෞරවය හිමිවිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඩන්කන් වයිට්, සුසන්තිකා ජයසිංහ දිනාගත් ඔලිම්පික් පදක්කම් මෙන්ම 1996 දිනාගත් ක්‍රිකට් ලෝක කුසලානය තරම්ම මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිනාගත් දකුණු ආසියානු පදක්කම් වටිනා බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    මෙවර සාග් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 251ක් හිමි විය. මෙහිදී පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා අරමුදල මඟින් මුදල් ත්‍යාග ද පිරිනැමු අතර එහිදී රන් පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 5ක්, රිදී පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 3ක් සහ ලෝකඩ පදක්කමක් සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක්ද පිරිනැමුණි. ක්‍රීඩක ක්‍රීඩකාවන්ගේ පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක් කෙ⁣රිනි.

     

    මේ අවස්ථාවට අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර, අපනයන සේවා රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර, ජාතික ඔලිම්පික් කමිටු සාමාජිකයන්, ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya