සමාරම්භක උළෙල ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර මීටර් 400, කඩුලු පැනීමේ හිටපු ජාතික ශූරයකු වන හරිජන් රත්නායක හා පාපන්දු ක්‍රීඩිකා ෂානිකා රණසිංහ විසින් සමාරම්භක ගිණිසිළුව දැල්වීය.
තරඟාවලිය 27 වන දා දක්වා පැවැත්වෙන අතර සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජයග්‍රාහී ක්‍රිඩක ක්‍රිඩිකාවන්ට ලබාදෙන ත්‍යාග මුදල් ප්‍රමාණය මෙවර ඉහළ නංවා ඇති අතර දක්ෂතම ක්‍රිඩකයා සහ ක්‍රිඩිකාවට මෝටර් රථ ලබාදිමට කටයුතු යොදා ඇත. ශ්‍රි ලංකා වාර්තාවක් සදහා රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමේ. මෙවර ක්‍රිඩා උළෙලේ සත්කාරකත්වය දරන්නේ ඌව පළාතයි. කණ්ඩායම් තරග මේ වනවිට අවසන් කර ඇත