ආසියානු දැල්පන්දු සම්මේලනය පළමු වරට සංවිධානය කළ මෙම තරගාවලිය සදහා කලාපයේ රටවල් පහක් සහභාගී විය.
දැල්පන්දු ක්රීඩාවේ ප්රකට දක්ෂතා නැති ඉන්දියාව අවසන් මහ තරගයේදී ශ්රී ලංකාවට තියුණු සටනක් දෙනු ලැබුවේය.ආසියානු ශූරතා කිහිපයක්ම දිනා සිටින ශ්රී ලංකා කණ්ඩායම දකුණු ආසියානු කලාපයේ දැල්පන්දු ශූරයා වේ.ප්රථම වටය ශ්රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම ලකුණු 8-8 ක් ලෙස සම ලකුණු තත්වයකින් අවසන් කරන්නට සමත් විය.ලකුණු 16-4,11-8, සහ 8-7 ක් ලෙස සෙසු වට ත්රිත්වයේදී ඉදිරියට පැමිණෙමින් ශ්රී ලංකා ක්රීඩිකාවෝ ශූරතාව තහවුරු කර ගත්හ.