අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුනු ආසියානු ක්‍රීඩා උලෙළේ ඉසව් 27 කට ශ්‍රී ලංකාවෙන් 605ක්

    ඔක්තෝබර් 19, 2019

    නේපාලයේ කත්මණ්ඩ නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 605ක් සහ තාක්ෂණ නිලධාරින් ඇතුළුව 855ක කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බව ක්‍රිඩා සංවර්ධන දෙපාර්ත්මේන්තුවවේඅධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පවසයි.

    ඒ මහතා මේ බව පැවසුවේ එළඹෙන දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ පිළිබඳ දැනුම්වත් කිරීම වෙනුවෙන් පසුගියදා (16) කොළඹ පැවති මාධ‍්‍ය හමුවකට එක්වෙමිණි.


    පුහුණුකරුවන් 95ක්, සම්භාහකවරුන් 15ක්,භෞත චිකිත්සකවරුන් 15ත්,වෛද්‍යවරුන් 10ක් , කලමණාකරුවන් 5, පුහුණුකරුවන් 5ක් හා නිරීක්ෂකයන් 15 දෙනෙකු මෙම තාක්ෂණ නිලධාරි කණ්ඩායමට ඇතුලත්ය. මළල ක්‍රීඩා තරඟ සඳහා
    එක් ඉසව්වකින් එක් ක්‍රිඩකයෙකුට පමණක් අවස්ථාව ලැබී ඇති අතර ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉදිරිපත් කිරීමේ හැකියාව පිළිබඳ ක්‍රීඩා බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බවද ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya