මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඔක්තෝබර් මස 24 වැනිදා සිට 27වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේ දී

    ඔක්තෝබර් 17, 2019

    45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල ඔක්තෝබර් මස 24 වැනිදා සිට 27වැනිදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව විදුලි සංදේශ , විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    ජාතික මහා ක්‍රීඩා උලෙළ පිළිබඳව ඊයේ (16) කොළඹ පැවති මාධ‍්‍ය  හමුවකට එක්වෙමින් මේ බව පැවසූ  ලේකම්වරයා,  ක්‍රීඩා උළෙල කොළඹ දී පවත්වනවාට වඩා, වැඩි පිරිවැයක් වැය වුව ද බදුල්ල නගරයේදී එය පැවැත් වීම ගම්බද ජනතාවගේ ක්‍රීඩා කුසලතාවන් ඔප්නැංවීමට විශාල අනුබලයක් වන බවයි.  එසේම ග්‍රාමීය පළාත්වලට ක්‍රීඩාව ගෙනයෑමේ  සහ එම පළාත් වල යටිතල පහසුකම් දියුණු කිරීමට මෙන්ම එම ප්‍රදේශවල ජනතාවගේ ක්‍රීඩාව පිළිබඳ රුචිකත්වය වර්ධනය කිරීම මෙහි අරමුණ වේ.

    තරඟාවලිය සඳහා සියළු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්  2100ක් සහභාගී වීමට නියමිත අතර ක්‍රීඩා උලෙළේ තරඟ ඉසව් ගණනාවක් මේ වන විටත් අවසන් කර ඇත. ක්‍රීඩා උළෙලේ ආරම්භය සහ සමාප්ති උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    පසුගිය වසරට සාපේක්ෂව ක්‍රීඩකයන්ට ලබා දෙන  සියළු පහසුකම් සියයට සියයක් ඉහල දමා ඇති බවත්  ඉදිරියේදී තව දුරටත් එම පහසුකම් වැඩි දියුණු කිරීමට තමා බලාපොරොත්තු වන බවද ක්‍රීඩා ලේකම්වරයා පැවසීය.

    ක්‍රීඩා උළෙලේ වාර්තා පිහිටුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ශ්‍රී ලංකා වාර්තාවක් සඳහා රු 100,000ක්ද ක්‍රීඩා උළෙලේ වාර්තාවක් සඳහා රු 50,000 ක්ද මුදල් ත්‍යාග ලබා දීමට නියමිතය. පසුගිය වසරට සාපේක්ෂව  තරඟ ඉසව් සඳහා ජයග්‍රාහකයින්ට ලබා දෙන මුදල් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කර ඇති අතර ඉදිරි වසර වල දී මෙම මුදල් ත්‍යාග තවදුරටත් ඉහළ දැමීමට බලාපොරොත්තුවන බව ලේකම්වරයා පැවසිය. මීට අමතරව දක්ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට රු 20,000ක අමතර  මූල්‍යමය ත්‍යාගයක් ලබා දෙන අතර , නව වාර්තාවක සඳහා රු100,000  හිමිවේ.තරඟාවලියට සහභාගී වන සෑම ක්‍රීඩකයෙකුටම රුපියල් 5000ක් වටිනා කට්ටලයක් ලබා දෙයි. ක්‍රීඩා උලෙළේ දක්ෂතම , ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට මෝටර් රථ දෙකක් ප්‍රදානය කෙරෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකා  ක්‍රිකට් ආයතනය අනුග්‍රාහකත්වය ලබා දී තිබේ. මෙලෙස පහසුකම් ලබා දීම තුළින් ක්‍රීඩකයාගේ අනාගතය පිළිබඳ ඔවුන් තුළ සුරක්ෂිතතාවයක් ඇති කරලීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අරමුණ බව, මෙම අවස්ථාවට එක් වූ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා පැවසීය.

    බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම තරඟාවලිය හරහා බදුල්ල නගරයේ විශාල පිබිදීමක් ඇති වන බවත් වීදි නාට්‍ය කණ්ඩායකම් මගින් ශාරීරික යෝග්‍යතාව සදහා ක්‍රීඩාව යොදා ගැනීමේ වැදගත් කම පිළිබදව ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආදී විවිධ වැඩසටහන් ද මෙම දින කිහිපය තුල බදුල්ල නගරයේ ක්‍රියාත්මක කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    ඇතැම් ගෘහස්ථ තරඟාවලි රැසක් සඳහා බස්නාහිර පළාත වැඩි ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිකරගෙන තිබීමත් උතුරු, උතුර මැද පළාත් වල පදක්කම් මට්ටම අතර ඇති විශාල පරතරයක් තිබීම පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ක්‍රීඩා අධ්‍යක්ෂකවරයා පැවසුවේ ප්‍රතිපත්ති සම්පාදකයන් වශයෙන් අප ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසුවන බවත් ක්‍රීඩාවේ උන්නතිය පිළිබඳව කිසිදු දීර්ඝකාලීන සැලස්මක් නොතිබීම  ක්‍රීඩාවේ පවතින මෙම දීර්ඝකාලීන විෂමතාවයට හේතු වී ඇති බවත්ය.

    මීට විසඳුමක් ලෙස 2028 වසරේ ඔලිම්පික් සිහිනය ජය ගැනීමට Dream to Olympic නමින් දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යංශය සමග එක් වී,  ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාවට නංවා ඇති අතර මේ සඳහා දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි පාසල් දරුවන් 1250 ක්  දැනටමත් තෝරා ගෙන තිබේ.

    ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීහු රැසක්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya