අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පකිස්තාන එක්දින තරගාවලියේ පළමු තරගය අද ඇරඹෙයි.

    සැප්තැම්බර් 27, 2019

    ශ්‍රී ලංකා පකිස්තාන එක්දින තරගාවලියේ පළමු තරගය කරච්චි හිදී අද(27) ඇරඹෙයි.

     

    තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පකිස්තානෙය්දී තරගයක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුවයි. පකිස්ථානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බව කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් පවසයි. රාජ්‍ය නායකයෙකුට ලබා දෙන ආරක්ෂාව හා සමාන ආරක්ෂාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දී ඇතැයි හෙතෙම කියයි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථාන කණ්ඩායම අතර එක්දින තරග තුනක් සහ පන්දුවාර විස්සේ තරග තුනක් පැවැත්වේ. එක්දින තරගවල විනිසුරුවන් ලෙස මයිකල් ගෆ් සහ ජෝ විල්සන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මගින් පත්කර තිබේ. තරගයේ තීරකයා වන්නේ ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් බුන්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya