මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2019 ජගත් පොලිස් ක්‍රිකට් කිරුළ දිනාගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම පොලිස්පති හමුවෙයි

    සැප්තැම්බර් 02, 2019

    ශ්‍රී ලංකා පොලිසියේ කිර්තිනාමය ජාත්‍යන්තර තලයට රැගෙන ගිය තවත් එක සුවිශේෂී අවස්ථාවක් සියලු දෙනාගේ කැපවීමේ සහ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ලැබී ඇති බවත්, මෙම තරඟයට සහභාගී වූ සියලු දෙනාටම ස්තූතිය සහ සුභපැතුම් එක් කරනු  ලබන බවත් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පවසයි.

     ඒ මහතා මේ බව පවසා සිටියේ අද (02) දින ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානයේ පැවති ලෝක කුසලාන පොලිස් ක්‍රිකට් කිරුළ හිමිකරගත් පොලිස් කණ්ඩායම පිළිගැනීමේ උත්සවයට සහභාගී වෙමිනි.


    ශ්‍රී ලංකා පොලිසියට සුවිශේෂී දිනයක් සනිටුහන් කරමින් ආසියානු පොලිස් කණ්ඩායමක් ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් කුසලානයක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ. ඒ අනුව, හයවන වරටත් 2019.08.12 සිට 2019.08.16 වන දින දක්වා එංගලන්තයේ වෝසෙස්ටර් (Worcester) ප්‍රාන්තයේ දී, එංගලන්තයේ වෝසෙස්ටර් පොලිස් ක්‍රිකට් සමාජය මඟින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර පොලිස් ක්‍රිකට් තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.


    වසර 154 ක් සපිරෙන මොහොතක ලොව ප්‍රභල පොලිස් කණ්ඩායම් සමඟ තරඟ කරමින් අපරාජිතව සමස්ථ තරගාවලිය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා පොලිස් සේවයට ගෞරවනීය බවක් එක් කළ බවත්, ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් ඉතිහාසය දෙස බලන කල් හි ශ්‍රී ලංකා පොලිසියෙන් ක්‍රීඩකයින් කිහිපදෙනකුම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ බව සඳහන් කරමින් මෙය රටට කීර්තියක් එක් කළ බවත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් සභාපති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා උත්සව සභාව අමතමින් ප්‍රකාශ කළේය.


    මෙහි දී ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් සභාපති නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහ සංචාරක කණ්ඩායම් නායක සහකාර පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා විසින් ජයග්‍රාහී කුසලානය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පිළිගන්වනු
    ලැබීය. එමෙන්ම මෙම අවස්ථාවේ දී ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩකයින් හට තිළිණ පිළිගන්වනු ලැබීය. තරඟාවලියේ අවසන් තරඟයේ වීරයා ලෙස පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ ලසන් සිල්වා පත් වූ බව ද වැඩි දුරටත් සඳහන් විය.
    මේ සඳහා උප පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය උප පොලිස්පති ෆ්‍රැන්ක්ලින් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ආදී වූ මහත්වරුන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya