අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    31වන මහවැලි ක්‍රීඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර මහවැලි කේන්ද්‍රය අසලින් ගමන් අරඹයි

    අගෝස්තු 29, 2019

     31වන මහවැලි ක්‍රීඩා උලෙළේ ගිනි සිළුව රැගත් රථ පෙරහැර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  (28) උදෑසන කොළඹ මහවැලි කේන්ද්‍රය අසලින් ආරම්භ කෙරිණි.

    මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඔප් නංවා ඔවුන්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා ගෙන යෑමේ අරමුණින් වාර්ෂික ව සංවිධානය කෙරෙන මහවැලි ක්‍රිඩා උලෙළ 31 වන වරටත් සැප්තැම්බර් 07,08 දිනවල දී මැදිරිගිරියේ දී පැවැත්වෙයි.

    සර්ව ආගමික ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරු ව ගිනි සිළුව රැගත් චාරිකාව නිල වශයෙන් ආරම්භ කරන ලදී.

    රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ දයාශ්‍රිත තිසේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya