මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    57 වන ජාතික ජුඩෝ තරගාවලියේ සමස්ථ කාන්තා ශූරතාවය නාවික හමුදාව හිමිකර ගනී

    ඔක්තෝබර් 08, 2019

    2019 ඔක්තෝබර් මස 03 සහ 04 යන දිනයන්හිදී නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති 57 වන ජාතික ජුඩෝ තරගාවලියේ කාන්තා අංශයේ සමස්ථ ශූරතාවය දිනා ගැනීමට නාවික හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම සමත් වීය.

     

    ඒ අනුව, නාවික හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම රන් පදක්කම් 10 ක්, රිදි පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 01 ක් හිමිකර ගනිමින් සමස්ථ තරඟාවලියේ කාන්තා ශුරතාවය හිමිකර ගන්නා ලදි. තවද, නාවික හමුදා පිරිමි ජුඩෝ කණ්ඩායම රන් පදක්කම් 01 ක්, රිදි පදක්කම් 01 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනා ගනිමින් සමස්ථ පිරිමි තරගාවලියේ 03 වන ස්ථානය හිමිකර ගැනීමට සමත් වන ලදී.

    තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථාව සඳහා නාවික හමුදා ජුඩෝ සංචිතයේ සභාපති, කපිතාන් අසංග රතුගමගේ සහ නාවික හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya