අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ බාර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා සංකීර්ණයේ නව ඉදිකිරිම් රැසක්

    ජූලි 28, 2019

    මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර තලයට ගෙන ඒමේ අරමුණින් ඉදිකරන ලද බාර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩා සංකීර්ණයේ නව ඉදිකිරිම් රැසක් ජනතා අයිතියට පත්කිරීම හා කෘත්‍රීම ධාවන පථයට මුල්ගල් තැබීම පසුගිය දා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරීණ .

    අභිනවයෙන් ඉදිකළ ඇලික්අලුවිහාරේ ගෘහස්ථ ක්‍රීඩාංගනය හා පිහිනුම් තටාකය ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පවරා දීම, බර්නාඩ්අලුවිහාරේ ක්‍රීඩාංගනයේ අභිනවයෙන් ස්ථාපිත කරන කෘත්‍රීම ධාවන පථය සදහා මුල්ගල් තැබීම,එඩ්වඩ් පාර්ක් හොකී ක්‍රීඩාංගනයේ මහජන ප්‍රේක්ෂකාගාරයට මුල්ගල් තැබීම මෙදින මෙදින සිදුවිය.

    දැනට මීටර් 400 කෘත්‍රීම ධාවන පථයක් ඇත්තේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පමණක්වන අතර කොළඹින් පිටත ඉදිවන පළමු මීටර් 400 කෘත්‍රීම ධාවන පථය මාතලේ බර්නාඩ්අලුවිහාරේ ක්‍රීඩාංගනයේ ඉදීවිමද සුවිශේෂි වේ. මෙම සියළු ඉදිකිරිම් සදහා රුපියල් මිලියන 640ක මුදලක් ඇස්තමෙන්තුකොට තිබේ.

    මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ, සංචාරක සංවර්ධන වනජීවි හා ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ, මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ යන මහත්ම මහත්මීන් සහභාගි විය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya