අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බාලදක්ෂ දැක්ම - ශ්‍රී ලංකාවට ආදේශ කරමු

    ජූලි 29, 2019

    ලෝක බාලදක්ෂ සංවිධානය ලෝකය දෙස බලන්නේ පුළුල් කෝණයකින්ය. ඔවුන්ගේ පර්යේෂණවල දී ක්ෂේත්‍ර කීපයක ප්‍රමුඛ පෙළේ සමාජ ප්‍රශ්න සහ සමාජ ගැටලු හඳුනාගෙන ඇත.

    ඒවාට මැදිහත් විය යුතු ආකාරය ගැන ද බාලදක්ෂ ව්‍යාපාරය තීරණ ගෙන තිබේ. 2023 ඉදිරි දැක්ම තුළ මෙම විෂය ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා ප්‍රධාන බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ මහතා සඳහන් කරයි.

    එහිදී 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියට සමගාමීව ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය විවෘත කිරීම උතුරු ඇමෙරිකාවේ බටහිර වර්ජනියාවේ සමිට්හිදී මහත් උත්කර්ෂවත් අන්දමින් සිදු විය. ලෝක බාලදක්ෂ කමිටුවේ සභාපති Craig Turpie මෙහි ප්‍රධාන ආරාධිතයා විය. ශ්‍රී ලංකා අභිමානය ඉහළට එසවීමත් සිලෝන් ටී සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමත් මෙහි ප්‍රධාන අරමුණ බව මෙහිදී අදහස් දැක්වූ ලෝක බාලදක්ෂ කමිටුවේ සාමාජික ජනත්ප්‍රිය ප්‍රනාන්දු මහතා පැවසීය.


    සෑම රටක්ම විවිධ ගැටලුවලින් පීඩා විඳින බව ලෝක බාලදක්ෂ සංගමය හඳුනාගෙන ඇත. එහිදී ප්‍රශ්නය හඳුනා ගනිමින් දේශීය හැඩයෙන් යුත් නව ආකෘති ඔස්සේ නව වැඩසටහන් නිර්මාණය කිරීමක් ද හඳුනාගැනීමට හැකිවිය. ඒ අනුව යමින් සෑම රටකම ජාතික වැඩසටහන් කොමසාරිස්වරුන්, ප්‍රමුඛ ජාතික වැඩසටහන් අංශ මඟින් බාලදක්ෂයින්ට මඟ පෙන්වයි.  ලංකාවේ පවතින ප්‍රධාන ගැටලු මඟහරිමින් ප්‍රවර්ධනය කළ හැකි දේ හඳුනාගෙන ලෝකයට ඉදිරිපත් කිරීමට සියලු බාලදක්ෂයින් කැපවී සිටියි.

    බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වී ඇති රටවල ප්‍රධාන කොමසාරිස්වරුන්ගේ යුතුකම සහ වගකීම වනුයේ ලෝක බාලදක්ෂ සංගමයට අනුගතව කටයුතු කිරීමය. ඒ ඒ රටවල් තම රටවල පවතින ගැටලු හඳුනාගෙන සැලසුම් නිර්මාණය කළ යුතුය. ප්‍රධාන කොමසාරිස්වරයකු පත්වූ විට එම ධූරය කාලය තුළදී සිදුකළ හැකි මෙහෙයුම් සහ ජාතික ක්‍රියාන්විත රැසක් ඇත. සංදර්ශනාත්මක කඳවුරු පැවැත්වීමෙන් පමණක් ප්‍රමුඛ අරමුණු ඉටුනොවන බව ලෝක බාලදක්ෂ බියුරෝව පෙන්වා දෙයි.

     මේ අනුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය නිර්මාණය කර ඇත්තතේ ඉහත සාධක අනුව යමින්ය. මෙම ප්‍රදර්හන කුටිය නැරඹීම සදහා ලෝකයේ බොහෝ රට වලින් පැමිණි අතර ලැබී තිබුණේ ඉහළ පිළිගැනීමකි. මෙම ලෝක බාලදක්ෂ සමුළුවෙන් ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට ඉහළ දායකත්වයක් ලැබෙනු නොඅනුමානයි. මෙම ප්‍රදර්ශන කුටිය නැරඹීමට පැමිණි විදේශිකයින් පැවසුවේ ශ්‍රී ලංකාවේ සිලෝන් ටී වලටත් සෞම්‍ය පරිසරයටත් ඔවුන් දැඩි සේ ඇලුම් කරන බවය. එසේම ශ්‍රී ලංකා තේ මණ්ඩලයත් සංචාරක කර්මාන්තයත් ප්‍රවර්ධනය කිරීම සදහා මින් ඉහළ දායකත්වයක් ලැබෙනු ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya