මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ඇමෙරිකාවේ දී- ශ්‍රී ලංකාව නියෝජනය කරයි

    ජූලි 25, 2019

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය උතුරු ඇමරිකාවේ බටහිර වර්ජනියාවේ සමිට්හිදී මහත් උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.

    රටවල් 153ක 45000 කට අධික බාලදක්ෂයන් සහභාගී වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මෙවර ශ්‍රී ලංකාවේ සහභාගීත්වය 125 දෙනෙකි. 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ මෙවර සත්කාරකත්වය දරන්නේ ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාවයි.

    24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරියේ සමාරම්භය මහත් අභිමානවත් අන්දමින් සිදු වූ අතර විවිධ රටවල සංස්කෘතික අංග රැසකින් උත්සවය වර්ණවත් විය. 24 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය උතුරු ඇමෙරිකාවේ බටහිර වර්ජනියා ප්‍රාන්තයේ සමිට්හිදී පැවැත්වේ.

    මෙවර පැවැත්වෙන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පිළිබද අදහස් දක්වන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් කපිල කල්‍යාණ මහතා පවසා සිටියේ මෙය ශ්‍රී ලංකා බාලදක්ෂයන්ට සුවිශේෂී අවස්ථාවක් බවය. එසේම සියලු බාලදක්ෂ ක්‍රියාකාරකම් වලට හොදින් මුහුණ දෙන බවය.

     

    scoutaa

    රජයේ ප්‍රවෘත්කි දෙපාර්තමේන්තුවේ එල්. පී. තිලකරත්න උතුරු ඇමෙරිකාවේ සිට වාර්තා කරයි.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya