2018 ආසියානු පැරා තරඟාවලියේදී පදක්කම් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකු සහ ක්‍රීඩා පුහුණුකරුවන් 6 දෙනෙකු වෙනුවෙන් රු. 17,500,000.00 ක මුදලක් ප්රදානය කිරීම, විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(23) ක්‍රීඩා අමාත්‍යංශයේදී සිදු කෙරුණි
ආසියානු පැරා තරඟාවලියකදී ජයග්‍රහණය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා මෙතරම් විශාල මුදලක් ප්රදානය කල පළමු අවස්ථාව මෙය විය.
මෙම අවස්ථාවට විදුලි සංදේශ,විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල යන මහත්වරු එක්ව සිටියහ.