40,000ක නරඹන්නන්ගෙන් සෙල්ටික් පාක් ක්‍රීඩංගණය පිරී ගිය අතර එලිසෙබෙත් මහ රැජනගේ පැමිණීමත් සමග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ විය.
දින 11ක් පුරා රටවල් 71 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500 පමණ හා ක්‍රීඩා 17ක් යටතේ ඉසව් 261 සමගින් පැවැත්වෙන මෙම ක්‍රීඩා උළෙල සඳහා ඔලිම්පික් පදක්කම්ලාභී ටොම් ඩලෙ, උසේන් බෝල්ට් හා මෝ ෆාරා ද තරග වදිති.
ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 104ක් ක්‍රීඩා ඉසව් 14කට සහභාගීවීමට ග්ලාස්ගොව් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්ව සිටී. අද දින පිහිනුම්, ජූඩෝ, ස්කොෂ්, ටේබල් ටෙනිස් හා බර ඉසිලීමේ ඉසව්වලට මුල්ම පිරිස සහභාගි වීමට නියමිතය.
MAP