අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජීව් ගාන්ධි ඝාතකයන් ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණයට

    ජූලි 24, 2014

    තමිල් නාඩු රජය විසින් ඉදිරිපත් කළ රජීව් ගාන්ධි ඝාතකයන් සත් දෙනා නිදහස් කිරීමේ තීරණය බල නොපැවැත්වීම සම්බන්ධ අභියාචනය සලකා බලා ඉන්දියන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය බදාදා නඩුව නැවත විභාගයට ගනු ලැබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.



    නව දිල්ලි මාධ්‍ය හා අන්තර්ජාල හින්දු පුවත්පත් ප්‍රකාශයට අනුව, රජීව් ගාන්ධි ඝාතකයන් සත් දෙනා පිළිබඳ නඩුව අසා තීන්දුව ලබා දීමට අග විනිසුරු ආර්.එම්. ලොදා (R.M. Lodha), විනිසුරු J.S. Kherhar, විනිසුරු J. Chelameswar, විනිසුරු A.K. Sikri සහ විනිසුරු Rohinton Nariman යන විනිසුරු මණ්ඩලය ඉන්දීය රජයේ නීතීඥ ජෙනරල් රන්ජිත් කුමාර් මහතා විසින් පත් කරන ලදී.

     

    මෙම කරුණු හැර ගැටලුවකට ඇත්තේ ලබා දෙන තීන්දුව මරණ තීන්දුවද ජීවිතාන්තය දක්වා සිරදඩුවමද යන්න තීරණය කිරීමට පෙර රජය මගින් ඝාතකයන්ගේ හෝ එම පවුල්වල සාමාජිකයින්ගේ ප්‍රකාශ ලබා ගන්නවාද යන්නයි.

     

    පෙබරවාරි 18 තමිල් නාඩු රජය ලබා දුන් තීන්දුව වන Sriharan, alias Murugan, T. Suthendraraja, alias Santhan and A.G. Perarivalan, alias Arivu, Nalini, Robert Payas, Jayakumar සහ Ravichandran යන චෝදනා ලැබූවන් නිදහස් කිරීම වෙනස් කරන ලෙස මධ්‍යම ආණ්ඩුවට ඉදිරිපත් කළ අභියාචනය අප්‍රේල් 25 අත්හිටුවන ලදී.

     

    මෙම අභියාචනය හා නඩු තීන්දුව පිළිබඳ සෑම රටකටම නිවේදන නිකුත් කළත් පිළිතුරු ලැබී ඇත්තේ රටවල් 5කින් පමණක් බව වැඩිදුරටත් නීතිඥ ජෙනරල් රන්ජිත් කුමාර් මහතා ප්‍රකාශ කරන ලදී.

     

    කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව ඉදිරියට ගෙන යන බව අග විනිසුරු ආර්.එම්. ලොදා මහතා පවසා ඇත. අද (24) මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයට ගැනිණි.

     

    Special Reporter

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya