අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවැනි හා අවසාන ටෙස්ට් තරගය අද එස්.එස්.සී. හිදී

    ජූලි 24, 2014

    දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි හා අවසාන ටෙස්ට් තරගය අද එස්.එස්.සී. පිටියේදී‍්‍ ආරම්භ විය.

    ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් පරාජය හමුවේ අදින් ආරම්භ වූ තරගය අතිශය තීරණාත්මක එකක් බවට පත්වී තිබේ. දකුණු අප්‍රිකානු කණ්ඩායම 1-0 වශයෙන් පෙරමුණේ සිටියි.

     

    ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා පිලේ නායකත්වය උසුලන අතර කඩුලු රකින්නා ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල් වෙනුවට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ කඩුලු රකින්නා ලෙස කටයුතු කළ යොවුන් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ටෙස්ට් පිලට කැඳවා ඇත.

     

    ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව තරග බිමට පිවිසි දකුණු අප්‍රිකානුවන් පළමු තරගයේ ජයගෙන දුන් වේගපන්දු යවන්නන් වන ඩේල් ස්ටේන් හා මෝර්නි මෝකල් කෙරෙහි වැඩි බලාපොරොත්තු තබා සිටිති. ‍

     

    තරගමාලාව ජයපරාජයෙන් තොරව නිමාකරගැනීමට ශ්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් හමුවේ ඇත්තේ සුලුපටු අභියෝගයක් නො වේ.

     

    අද ආරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනාගත් අතර මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදී

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya