මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක‍්‍රීඩාව රජයේ සේවකයාගේ සුහදතාව හා මිත‍්‍රත්වය වර්ධනය කරනවා

    ජූලි 24, 2014

    රජයේ ආයතනවල මේ ආකාරයට ක‍්‍රිකට් හෝ වෙනත් ක‍්‍රීඩා තරග පැවැත්වීමෙන් කාර්ය බහුලතාව හා ආතතිය දුරු වී සේවක සේවිකාවන් අතර සුහදතාව හා මිත‍්‍රත්වය වර්ධනය වන බවත් හොඳ ආකල්ප ඇති වීම නිසා ආයතනයේ සේවක කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වැඩිවෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ අංශ අතර පැවති ක‍්‍රිකට් තරගාවලියේ ජය සංකේත ප‍්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමිනි.


    මෙම ක‍්‍රිකට් තරගාවලිය පසුගියදා අනුරාධපුර කලා වැව විජිතපුර මහා විද්‍යාලයීය ක‍්‍රීඩාංගණයේදී ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම ක‍්‍රිකට් තරගාවලිය සඳහා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ විවිධ අංශ නියෝජනය කරමින් කණ්ඩායම් 16ක් සහභාගී වූහ. මෙම තරගාවලියේදී බත්තුළුඔය ජලජීවී වගා කණ්ඩායම ජයගනු ලැබූ අතර අමාත්‍යවරයා අතින් ශූරතාව පිරි නමනු ලැබීය.

     

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය.
    මෙහි ප‍්‍රතිඵලය එතරම් වැදගත් නැහැ. වැදගත් වන්නේ ඔබ ක‍්‍රීඩා කරපු ආකාරයයි. ජයග‍්‍රහණය කරපු කණ්ඩායමේ පමණක් නොවෙයි අනෙක් කණ්ඩායම්වලත් ක‍්‍රිකට් ක‍්‍රීඩා කෞශල්‍යයෙන් හෙබි අයව මම දැක්කා. අද වාණිජමය තත්ත්වයට ක‍්‍රිකට් ක‍්‍රීඩාව පැවතියත් එහි වැදගත්කම තියෙන්නේ ක‍්‍රීඩාව කොයි විධියට ද කරන්නේ කියන එකටයි. මෙය වසරක් පාසා පැවැත්වීමටත් කටයුතු කළ යුතු යැයි" පැවසීය.

     

    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ඩී.එම්.ආර්.බී. දිසානායක, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත චන්ද්‍රසෝම, අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න, අධ්‍යක්ෂ ජේ.එම්. අශෝකා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya