මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙට ඇරැඹේ

    ජූලි 22, 2014

    මෙම වර්ෂයේ පැවැත්වෙන විශාලතම ක්‍රිඩා උළෙල වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙට (23) ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් හි දී ආරම්භ වේ.

    රටවල් 71ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් පමණ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට එක්ව සිටින අතර ක්‍රීඩා 17ක් යටතේ ඉසව් 261කට ඔවුහු සහභාගී වෙති. දින 11ක් පුරා ක්‍රීඩාංගණ 13කදී තරග පැවැත්වෙන අතර එය ලොව පුරා බිලියන ගණනාවකට එසැනින් පෙන්වීමට ටාජ් රූපවාහිනී ආයතනය කටයුතු යොදා ඇත.

     

    ඔලිම්පික් උළෙලට පමණක් දෙවැනි වන ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සටනට පිවිසෙන හෙට පැවැත්වෙන මෙම 20 වැනි ක්‍රීඩා උළෙල විචිත්‍රවත් සමාරම්භක උළෙලකින් වර්ණවත් කිරීමට ග්ලාස්ගොව් සංවිධායකයෝ කටයුතු සැලසුම් කරමින් සිටිති.

     

    ක්‍රීඩා උළෙලේ මෙවර සත්කාරකත්වය ලබා ගැනීමට ග්ලාස්ගොව් හා අබූජා නගර (නයිජීරියාව) තරග වැදුණු අතර එහි දී රටවල් 71කින් ග්ලාස්ගොව් වෙත ඡන්ද 47ක් ද, අබූජා වෙත රටවල් 24ක් ද කැමැත්ත පළකොට තිබිණි.

     

    ග්ලාස්ගොව් අග නගරයට ආසනනයේ පිහිටි 'සෙල්ටික්' ක්‍රීඩාංගණයේ සමාරම්භක උත්සවය පැවැත්වෙන අතර හැම්ඩන් පාර්ක් පාපන්දු ක්‍රිඩාංගණයේදී අ‍ගෝස්තු 04 සමාප්ති උත්සවය පැවැත්වේ.

     

    40000කට නැරැඹීමේ පහසුකම් ඇති සෙල්ටික් ක්‍රීඩාංගණයේ සෑම ප්‍රවේශපත්‍රයකින්ම යුරෝ එකක් ලොව ළමා සුබසාධනය සඳහා යුනිසෙෆ් ආයතනයට ලබාදෙන බව සංවිධායකයෝ පවසති.

    MAP

    glasgow map

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya