අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වැනි පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට එක්වන ‍ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපති සුබපතයි

    ජූලි 24, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ හි පැවැත්වෙන 20 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් එක්වන ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය සුබපැතුම් එක්කළේය.


    "ජාතික කණ්ඩායමට ඇතුළත් කර ගැනීම සඳහා ඔබව තෝරා ගැනුණේ දැඩි තරගයකින් සහ උත්සායහකින් අනතුරුවයි" යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. "මේ සාර්ථකත්වය පිළිබඳ ඔබ ආඩම්බර විය යුතු අතර මෙවන් දැවැන්ත සැමරුමක තම දේශය නියෝජනය කිරීමට ලැබීම සුවිශේෂී වරප්‍රසාදයක් ලෙස ද සැලකිය යුතුයි" යනුවෙන් එතුමා පැවසීය.

     

    දිවයිනේ නන්දෙසින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 156 දෙනෙක් ග්ලාස්ගෝහි දී විවිධ තරග ඉසව් ගණනාවක ශ්‍රී ලංකාව නියෝජනය කරති. රට තුළ සමඟිය ප්‍රවර්ධනය කිරීමෙහිලා ක්‍රීඩකයන් විසින් ඉටුකළ හැකි කාර්යභාරය ගැන ද ජනාධිපතිතුමා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කළේය.

     

    "ශ්‍රී ලංකාව තුළ ඉතා වැදගත් සහ එකමුතු කිරීමේ කාර්යයක් ක්‍රීඩාව ඉටු කර තිබෙන අතර විශේෂයෙන් ම පශ්චාත් යුද වාතාවරණයේදී රටපුරා විහිදී සිටින ක්‍රීඩික ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ ආධාරකරුවන් සාමූහික ගුණයෙන් එක්කිරීමට ද ක්‍රීඩාව සමත් වී තිබේ" යැයි ජනාධිපති රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

     

    ක්‍රීඩාවේදී වැදගත් වන්නේ ජය පරාජය නොවන අතර ඔවුන් දක්වන දස්කම් හා ජීව ගුණය වන බව ද ක්‍රීඩකයන්ට නිකුත් කළ පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වේ.

     

    NDH/PS&IMU

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya