අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා කළමනාකරණය ගැන ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලවල සහය ශ්‍රී ලංකාවට

    ජූලි 08, 2014
    ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කර තිබෙන ජාතික විද්‍යායතනය මගින් දැනට කෙරෙන ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලාව සඳහා ක්‍රීඩා කළමනාකරණ විෂයය හඳුන්වාදෙමින් ක්‍රීඩා උපාධි හා පශ්චාත් උපාධි මට්ටම දක්වා දියුණු කිරීමට ඕස්ට්‍රේලියානු රජයේ උපදෙස් පරිදි Deakin විශ්වවිද්‍යාලය හා Melbourne විශ්වවිද්‍යාලයේ සහය ලබාදීමට ඉදිරිපත් වී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    ක්‍රීඩා කළමනාකරණ විෂය පිළිබඳව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ක්‍රීඩා උපදේශකවරුන්ට, ක්‍රීඩා පුහුණුකරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල සමග ඒකාබද්ධව වැඩපිළිවෙළක් ඇරඹීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඕස්ට්‍රේලියානු Deakin විශ්වවිද්‍යාලයේ හා Melbourne විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවී සාකච්ඡා කළහ.

    ආචාර්ය Adam Karg (ක්‍රීඩා කළමනාකරණය පිළිබඳ කථිකාචාර්ය), Carl Jones (ජාත්‍යන්තර කටයුතු පිළිබඳ කළමනාකරු) යන මහත්වරු Deakin හා Melbourne විශ්වවිද්‍යාල නියෝජනය කරමින් ඊට සහභාගී වූ අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, අතිරේක ලේකම් සමන් බණ්ඩාර, ජාතික විද්‍යායතනයේ අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.

     

    MAP

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya