අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ පැවති එල්ලේ සැණකෙළිය සාර්ථකව අවසන් වේ

    ජූලි 07, 2014

    යාපනයේ පැවති එල්ලේ සැණකෙළිය සාර්ථකව අවසන් වේ ක්‍රීඩාව තුළින් ජාතීන් අතර සංහිදියාව වර්ධනය කිරීමේ අරමුණින් කලක් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව ලෙස පැවති එල්ලේ ක්‍රීඩාව යාපනය අර්ධද්වීපය තුළ ජනප්‍රිය කරවීමේ අදහසින් ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ සංගමය හා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පසුගිය 05 හා 06 යන දිනයන්හි යාපනයේදී එල්ලේ සැණකෙළියක් සංවිධානය කරන ලදී.


    උතුරේ සහ දකුණේ පිරිමි හා කාන්තා කණ්ඩායම් 28ක් සහභාගී වූ මෙම තරගාවලියේ මූලික තරගයන් යාපනය මධ්‍ය මහා විද්‍යාලීය ක්‍රීඩාංගණය, යාපනය හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගණය, දුරෙයිඅප්පා ක්‍රීඩාංගණය හා පලාලි ආරක්ෂක සේනා මුලස්ථාන ක්‍රීඩාංගණය යන ස්ථානවලදී පවත්වන ලද අතර නිල ආරම්භක උත්සවය යාපනය මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා මහතා, යාපනය නගරාධිපතිනිය වන යෝගේෂ්වරී පත්ගුණරාසා මහත්මිය හා තවත් සම්භාවනීය අමුත්තන් රාශියක්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.



    දිවයිනේ විවිධ පළාත්වල ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා කණ්ඩායම් කිහිපයක්ම සහභාගී වූ මෙම එල්ලේ සැණකෙළිය යාපනය පාසැල් දරු දැරියන්, වැඩිහිටියන් හා ක්‍රීඩාලෝලීන්ට ඉතා ප්‍රීතිමත් හා නවමු අත්දැකීමක් ගෙන දෙන්නක් විය. මෙම ක්‍රීඩා තරගාවලියේ පළමු ස්ථානයට හිමි කුසලාන හා රුපියල් ලක්ෂය බැගින් වු මුදල් ත්‍යාගයන් යුද හමුදා පිරිමි හා කාන්තා ක්‍රීඩා සමාජයන් විසින් දිනා ගන්නා ලද අතර දළුවකොටුව ජනපද ක්‍රීඩා සමාජය හා රඹෑව පැහැසර ක්‍රීඩා සමාජයන් විසින් පිළිවෙලින් පිරිමි හා කාන්තා අනුශූරතාවයන් හිමිකර ගනිමින් ඒ සඳහා වූ රුපියල් 50,000ක් වු මුදල් ත්‍යාගයන් හිමිකර ගන්නා ලදී.

    අවසන් දින තරග‍යේ ත්‍යාග බෙදාදීමේ උත්සවය සඳහා ආගමික නායකයින්, සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ. චන්ද්‍රසිරි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක, යාපනය ආරක්ෂක සේනා ආඥාපති හා යුද හමුදා එල්ලේ කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් උදය පෙරේරා හා යාපනය නගරාධිපතිනිය වන යෝගේෂ්වරී පත්ගුණරාසා යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB/mod

    Jaffna Elle Carnival ends on a successful note 20140707 02p1

    Jaffna Elle Carnival ends on a successful note 20140707 02p6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya