අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කච්චතිව් අවට ධීවර කර්මාන්තයට බලපත්‍රයක් ඉල්ලීමේ සූදානමක්

    ජූලි 06, 2014

    කච්චතිව් දූපත අවට ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් ඉන්දීය ධීවරයින්ට බලපත්‍රයක් ලබාදීමේ හැකියාව ගැන නව ඉන්දීය රජය ශ්‍රී ලංකාවෙන් විමසීමට ඉන්දීය බලධාරීන් අපේක්ෂා කරන බවට තොරතුරු වාර්තා වේ.


    ශ්‍රී ලංකා මුහුදු තීරය නිරන්තරව උල්ලංඝනය කරනු ලබන ඉන්දීය ධීවර ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සෙවීම සම්බන්ධයෙන් ගත හැකි විවිධ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙපාර්ශවය ම සාකච්ඡා පවත්වමින් සිටී.


    ඉන්දු- ලංකා දෙරට අත්සන් කළ ගිවිසුමක් මඟින් 1974 දී කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට භාර දෙනු ලැබුවේ ඉන්දිරා ගාන්ධි මැතිනිය හා සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය දෙරටේ අග්‍රාමාත්‍ය ධූරයන් දරන විටය. මේ වනවිට ඉන්දීය ධීවරයින්ට කච්චතිව් දූපත වෙත පැමිණීමට අවසර ඇතත් ඒ අවට ධීවර කර්මාන්තයේ නියැළීමට අවසර නොලැබේ. කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට බවත් එම මුහුදු තීරය ධීවර කර්මාන්තය වෙනුවෙන් උල්ලංඝනය කිරීම නීතිවිරෝධී බවත් ඉන්දීය අධිකරණය විසින් ද තහවුරු කරනුලැබ තිබේ.


    කෙසේ වෙතත් ඉන්දීය ධීවරයන් නිරන්තර අත්අඩංගුවට ගැනීම හා ඔවුන්ගේ ජනජීවිතය පිළිබඳ ව නව ඉන්දීය රජය අවධානය යොමුකර ඇති අතර ඒ නිසා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ මසුන් ඇල්ලීම සඳහා එක් වරකට රුපියල් 10000ක් හෝ වෙනත් ඒ හා සමාන ගෙවීමක් කර බලපත්‍රයක් ලබා ගැනීමට ඇති හැකියාව ගැන මෙහිදී සලකා බලන බව ඉන්දීය බලධාරීන් පවසයි.


    තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ අවශ්‍යතාව මත එවැනි යෝජනාවක් ඉදිරිපත් කරනු ලබන බව නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා පවසයි. කෙසේවෙතත් විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ලබන සතියේ සිය ඉන්දීය සංචාරයේ දී ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් සමඟ ද්වීපාර්ශවික සාකච්ඡාවල නිරත වීමට නියමිත ව තිබේ.‍


    HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya