අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැලේසියාව තවතවත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් අත්අඩංගුවට ගනී

    ජූලි 06, 2014

    පසුගිය මාස 2 තුළ මැලේසියානු බලධාරීන් විසින් එරට නීතිවිරෝධීව සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පීටීඅයි පුවත් සේවය වාර්තා කරයි.


    1999 දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලද පුද්ගලයෙක්ද ඇතුළුව 4 දෙනෙකුගෙන් යුතු එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරීන් පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගෙන ඇත.


    මෙම සැකකරුවන් සිව්දෙනා සර්දන්, සෙන්තුල්, සුන්ගෙයි බේසි හා මධ්‍යම ක්වාලා ලාම්පූර් ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුගිය මාස දෙකේ අත්අඩංගුවට ගනු ලැබ රඳවාගෙන සිටින සැකකරුවන් ගණන මේ වනවිට හතක් වේ. පසුගිය මැයි 15 වෙනි දා එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනෙකු මැලේසියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


    මැලේසියාව, සංක්‍රමණික ස්ථානයක්, සැඟවී සිටීමට හා නව මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත්කර එල්.ටී.ටී.ඊ. සංවිධානයට යළි පණදෙන්නට  එල්.ටී.ටී.ඊ.ය උත්සාහ ගෙන ඇතැයි විශ්වාස කරන බව මැලේසියානු පොලීසිය පවසයි.


    පසුගිය බ්‍රහස්පතින්දා අත්අඩංගුවට පත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිවු දෙනාගේ නම් මැලේසියානු පොලීසිය අනාවරණය කර නැතත් ඉන් අයෙක් බෝම්බ විශේෂඥයකු වන අතර තවත් අයෙකු 1999දී හිටපු ජනාධිපතිනි කුමාරතුංග මහත්මිය ඝාතනයට තැත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට හෙළිකර ගෙන තිබේ. මෙම සැකකරුවන් අවුරුදු 32, 32, 43 හා 45යන වයස්වලට අයත් පුද්ගලයන් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ ගැටුම්වලට වගකිවයුතු බවට විශ්වාස කෙරේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත පණගැන්වීමට මොවුන් උත්සහ කර ඇතැයි මැලේසියානු පොලිස්පති කාලිද් අබු බකර් මහතා ප්‍රකාශ කර ඇත.


    බ්‍රහස්පතින්දා අත්අඩංගුවට ගත් මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සිවු දෙනා සතුව තිබී ව්‍යාජ මැලේසියානු විදේශ ගමන් බලපත්‍ර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ විදේශ තානාපති කාර්යාලවල ව්‍යාජ ලෙස සකස් කළ මුද්‍රා විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගත් බව මැලේසියානු පොලිස්පතිවරයා පවසයි.


    2009 වසරේ සිට මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් මැලේසියාවේ රැඳී සිටිමින් ත්‍රස්ත මෙහෙයුම් ජාලය ක්‍රියාත්මක කරන්නට මුල් වී ඇති බවට එරට ස්ටාර් පුවත්පත නිර්නාමික තොරතුරු මගින් හෙළි කර ඇත.


    HC/SDF

    Malaysian authorities hunt for more LTTE members 2

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya