අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර් ලීග් පාපන්දු ශූරතාව කොළඹ සිටි ලීගයට

    මැයි 26, 2014
    අන්තර් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ ශූරතාව දිනා ගැනීමට‍ කොළඹ සිටි ලීග් පාපන්දු කණ්ඩායම සමත්වූහ. 
     
    රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ ඊයේ (25) පැවති අවසන් මහා තරගය දැඩි තරගකාරි ස්වභාවයකින් පැවති අතර තරගය 1-1ක් ලෙස  සමවිය. පසුව ලබාදුන් දඬුවම් පහර මඟින් 5-4ක් ලෙස 2013 ලීග් පාපන්දු ශූරතාව දිනා ගැනීමට සිටි ලීග් කණ්ඩායම සමත් වූහ.
     
    ශූරතාව දිනාගත් සිටි ලීග් පාපන්දු කණ්ඩායමට ශූරතා කුසලානය සමඟ මුදලින් රුපියල් 250,000ක් පිරි නැමුණු අතර, අනුශූරයින් ලෙස තේරී පත්වූ රත්නපුර පාපන්දු ලීගය සඳහා රුපියල් 150,000ක මුදලක් ලබාදෙන ලදි. 
     
    ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස රත්නපුර පාපන්දු සංගමයේ සභාපති රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගෝ, සබරගමු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ, රත්නපුර ප්‍රාදේශීය දේශපාලඥයන් රැසක් සහභාගි වූහ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya