අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්තය පරදා ශ්‍රී ලංකාවට ලකුණු 157ක ජයක්

    මැයි 25, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම) ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත පන්දුවාර 50 එක් දින ජාත්‍යන්තර තරගාවලියේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව, එංගලන්තය පරදා ලකුණු 157ක ජයග්‍රහණයක් වාර්තා කළේය.

     

    කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දු වාර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 256ක් රැස්කර ගත්හ. තිලකරත්න ඩිල්ශාන් පන්දු 101කදී ලකුණු 88ක් ද අශාන් ප්‍රියන්ජන් පන්දු 33කදී ලකුණු 43ක් ද කුමාර් සංගක්කාර පන්දු 67කදී ලකුණු 40ක් ද කණ්ඩායමට එක් කළහ.

     

    Tillakaratne Dilshan


    ලකුණු 257ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 26.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99ක් පමණි. නුවන් කුලසේකර පන්දුවාර 6කදී ලකුණු 15කට කඩුලු 3ක් ද සචිත්‍ර සේනානායක පන්දුවාර 7.1කදී ලකුණු 13කට කඩුලු 4ක් ද බිඳ හෙළුහ.


    තරගය එංගලන්තයේ රිවර් සයිඩ් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya