අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානු අගමැති හෙට නවදිල්ලියට

    මැයි 25, 2014

    හෙට (26) පැවැත්වෙන ඉන්දියාවේ නව අගමැති ලෙස නරේන්ද්‍ර මෝදි මැතිතුමා දිවුරුම් දීමේ උත්සවයට පකිස්තානු අගමැති නවාස් ෂරීෆ් මැතිතුමා සහභාගී වීමට නියමිත බව විදෙස් වාර්තා සනාථ කරයි.


    නවාස් ෂරීෆ් මැතිතුමා සිය ජාතික ආරක්ෂාව සහ විදේශ කටයුතු උපදේශක සර්ටාජ් අසීස් (Sartaj Aziz), විශේෂ සහායක ටරික් ෆටමි (Tariq Fatemi) සහ විදේශ ලේකම් අයිසාස් චෞද්රි (Aizaz Chaudhry) යන අය සමඟ හෙට පෙරවරුවේ නවදිල්ලියට පැමිණීමට නියමිත බව පකිස්තාන වාර්තා පවසයි.


    දිවුරුම් දීමේ උළෙල අවසන් වීමෙන් පසු ව 27 වැනි දා නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා සාර්ක් රටවල රාජ්‍ය නායකයන් සමඟ වෙන වෙනම ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද සූදානම් ව සිටින බව ඉන්දීය වාර්තා සනාථ කරයි. පකිස්තානු අගමැතිවරයා 27 වැනිදා පස්වරුවේ යළිත් පකිස්තානය බලා පැමිණීමට නියමිත බව පකිස්තානු විදේශ කාර්යාලය පවසයි.


    පකිස්තානයේ සිටින ඉන්දීය සිරකරුවන් 150 දෙනෙකු ද මීට සමගාමීව හෙට නිදහස් කරනු ඇතැයි ද ඉස්ලාමාබාද් නුවරින් වාර්තා වේ.


    මෙය ඉන්දියාව නිදහස ලැබීමෙන් පසු ව හා පකිස්තාන රාජ්‍ය බිහිවීමෙන් පසු ව සිදුවන ඓතිහාසික සිදුවීමක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. මේ රාජ්‍යයන් දෙකෙහි අගමැතිවරුන් දෙදෙනෙකු මෙවැනි අවස්ථාවකට කරන ලද ඇරයුමක් පිළිගත් පළමු අවස්ථාව මෙය බැවින් එය ඉදිරියේ දී දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා යහපත් දිශාවකට ගෙන යාමේ අවබෝධාත්මක හමුවක් වනු ඇත.


    ප්‍රකට මුම්බායි ප්‍රහාරයෙන් පසු පකිස්තානය සහ ඉන්දියාව අතර සබඳතා බොහෝ සෙයින් දුරස්ථ මට්ටමකට පත් ව තිබුණි.


    කෙසේ වෙතත් නව ඉන්දීය නායකයා වශයෙන් නරේන්ද්‍ර මෝදි මහතා සාක් කලාපයේ සියලු රටවල රාජ්‍ය නායකයන්ට ඇරයුම් කර තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා සහ පොදුරාජ්‍ය මණ්ඩලයේ නායකයා ලෙස හෙට පැවැත්වෙන උළෙලට එක් වීමට නියමිතය.


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya