අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් උළෙලේ සංස්කෘතික ප්‍රසංගය ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    මැයි 24, 2014
    ප්‍රංශයේ පැරිස් නුවර යුනෙස්කෝ මූලස්ථානයේ දී පසුගියදා ආරම්භ වූ ජාත්‍යන්තර වෙසක් උළෙලේ අවසන් අංගය වු සංස්කෘතික ප්‍රසංගය පසුගියදා ජනාධිපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 
     
    ශ්‍රී ලංකා, මොංගෝලියා, බංග්ලාදේශ්, වියට්නාම්, නේපාල්, තායිලන්තය, ඉන්දුනීසියා හා චීනය යන රටවල් නියෝජනය කරමින් මෙම සංස්කෘතික ප්‍රසංගය පැවැත්විණි.
     
    පැරිස් නුවර යුනෙස්කෝ මහ ලේකම් කාර්යාලයේ දී පැවැති මෙම උත්සවය සඳහා සහභාගි වූ ජනාධිපති ආර්යාව ඇතුළු පිරිස ප්‍රංසයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා විසින් පිළිගන්නා ලදී. එම අවස්ථාවට ජනාධිපති බෞද්ධ කටයුතු උපදේශක පූජ්‍ය බෝදාගම චන්දිම හිමියන්ද වැඩම කර සිටියහ.
     
     
    භක්ති ගී ගායනයකින් ආරම්භ කළ මෙම උත්සවය නියෝජනය කළ රටවල විවිධ වු නර්තන අංග, ගායනා හා වාදන අංශ, සර්කස් ඇතුළු සංස්කෘතික අංග ගණනාවකින් වර්ණවත් විය. උඩරට නර්තන සම්ප්‍රදායේ වන්නම් කිහිපයක්, ලී කෙළි, කුළු ආදී නර්තන අංගවලින් හා සංස්කෘතික අංග එකතුවෙන් සිදු කළ නව නිර්මාණයන්ද මෙම ප්‍රසංගය සඳහා එක්කර තිබුණි.
     
    මෙම ප්‍රසංගයට සහභාගි වු සියලුම කලා ශිල්පීන් සඳහා ජනාධිපති ආර්යාවගේ සුරතින් ත්‍යාග ප්‍රදානය ද මෙහිදී සිදු විය.
     
    මහා සංඝරත්නය හා බෞද්ධ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB
     
    03 2
     
     
     
    01 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya