නවදිල්ලි නුවර ජන්දර් මන්දර් ප්‍රදේශයේ කළු කොඩි ඔසවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉන්දිය නිල සංචාරයට විරෝධය දැක් වූ ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ නායක වයිකෝ ඇතුළු විරෝධතාකරුවන් 150ක් අද (26) දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ආරාධනයක් අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය.
දිවුරුම්දීමේ උළෙල නවදිල්ලියේ පිහිටි රාෂ්ට්‍රපතිභවන් හිදී අද පස්වරුවේ පැවැත්වේ.
DB