මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මව්බිමට විශිෂ්ඨ ජයග්‍රහණ අත්කර දුන් යුද හමුදා ක්‍රීඩකයින් දෙදෙනෙකුට නව නිවාස පිරිනැමේ

    ජූනි 25, 2015

    තම මව්බිමටත්, යුද හමුදාවටත් ජාත්‍යන්තර කීර්තියක් අත්කර දුන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් දෙදෙනෙකු වෙත ඊයේ (24) යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ ඔවුන්ගේ රෙජිමේන්තුවේ මූලිකත්වයෙන් නව නිවාස දෙකක් පරිත්‍යාග කරන ලදි.

     

    2012 වර්ෂයේදී ලන්ඩන් නුවර පැවති පැරාලිම්පික් තරඟාවලියේ දී මීටර් 400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත් මීරිගම, දිවුල්දෙණිය ප්‍රදේශයේ පදිංචි 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පැරා මලල ක්‍රීඩක බළලත් නිලධාරී II යූ. ප්‍රදීප් සංජය සහ 2013  වර්ෂයේ මැලේසියාවේ පැවති ලෝක ශූරතා වුෂු තරඟාවලියේ දී ලෝකඩ පදක්කමක් හිමිකරගත් කුරුණෑගල, හිඳගොල්ල ප්‍රදේශයේ පදිංචි 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වුෂු ක්‍රීඩක කෝප්‍රල් ඩබ්.එල්. ගුණසේකර එම ක්‍රීඩකයින් දෙදෙනා වේ.

     

    හිටපු යුද හමුදාපතිගේ සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිගේ උපදෙස් මත පසුගිය වසරේ ආරම්භ වූ මෙම නිවාස දෙකහි  ඉදිකිරිම් කටයුතු සඳහා අවශ්‍ය පිරිවැය හා මිනිස් ශ්‍රමය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සපයා ඇත.

     

    මීරිගම දිවුලදෙණිය ප්‍රදේශයේ සහ කුරුණෑගල හිඳගොල්ල ප්‍රදේශයේ ඉදි කරනු ලැබු මෙම නිවාස විවෘත කිරීමේ අවස්ථාවන්හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.

     

    යුද හමුදාපතිතුමා විසින් සුභ මොහොතින් බළලත් නිලධාරී II යූ. ප්‍රදීප් සංජය හට නව නිවසෙහි යතුර භාර දීමෙන් පසුව පවුලේ සාමාජිකයින් විසින් සෞභාග්‍යයේ සංකේතය පිළිබිඹු කරමින් නව නිවසෙහි කිරි ඉතිරීම ආරම්භ කරනු ලැබීය.

     

    ඉන් පසු යුද හමුදාපතිතමා විසින් කුරුණෑගල හිඳගොල්ල ප්‍රදේශයේ ඉදි කරනු ලැබූ කෝප්‍රල් ඩබ්.එල්. ගුණසේකරගේ නව නිවස විවෘත කිරීමේ අවස්ථාව සඳහා සහභාගි විය.

     

    ආගමික චාරිත්‍රානුකූලව සෙත් පිරිත් මධ්‍යයේ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් නව නිවසෙහි යතුර භාර දෙන ලදී.

     

    මෙම අවස්ථා දෙකෙහිම යුද හමුදාපතිතුමා විසින් ඔවුන් හට ත්‍යාග ද ප්‍රදානය කරනු ලැබීය.

     

    මෙම අවස්ථාවේ සුභපැතුම් පිරිණැමීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහ එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.ඒ.එල් රත්නායක, ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් අතුල ගලගමගේ  ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් සහ සෙසු නිළයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.

     

    4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලලත් නිළධාරී II යූ. ප්‍රදීප් සංජය හට  2008 වර්ෂයේ දී කිළිනොච්චි ප්‍රදේශයේ ත්‍රස්ථාවාදී මෝටාර් ප්‍රහාරයකට ලක්ව තම වම් අත වැලමිටෙන් පහළ තුවාල සිදුවීම නිසා ආබාධිත සෙබලෙකු ලෙස යුද බිමෙන් ඉවත් වීමට සිදු විය. ඉන් පසු තම සවිය ක්‍රීඩා පිටියට එක් කල මෙම සෙබලා 2012 වර්ෂයේ එංගලන්තයේ ලන්ඩන් නුවර පැවති පැරාලිම්පික් තරඟාවලියේ මීටර් 400 දිවීමේ තරඟයට සහභාග වී වසර 12 කට පසුව පැරාලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාවට රැගෙන එන ලදී. 

     

    12  වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්.එල්. ගුණසේකර වූෂු ක්‍රීඩාව සඳහා රෙජිමේන්තු මට්ටමින් මෙන්ම ආරක්ෂක සේවා මට්ටමින් ද තම දස්කම් දක්වා ඇත. ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2013 වර්ෂයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් නරයේ පැවති ලෝක ශූරතා වූෂූ තරඟාවලිය සඳහා සහභාගි වී ලෝකඩ පදක්කම දිනා ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙතු එවැනි තරඟයකට සහභාගී වී ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති ප්‍රථම අවස්ථාව ද මෙය වේ.

     

    ASlide14 copy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya