මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරගාවලිය - ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ

    ජූනි 25, 2015
    ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති දකුණු ආසියානු කණිෂ්ඨ මේසපන්දු තරගාවලියට සහභාගී වී  පදක්කම් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් ඊයේ (24) පස්වරුවේ සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. 
     
    රටවල් පහක් අභිබවමින් මේස පන්දු ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉමේෂ් උදය රණසිංහ සිසුවා විසින් රන් පදක්කමක් හිමිකර ගෙන තිබේ. සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීම සිදුවිය.
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ මව්බිම වෙනුවෙන් මෙම පදක්කම් දිනාගත් දරුවන් පිළිබඳ ඉතාම සතුටු වන අතර මෙම දරුවන්ට මනා පුහුණුව මෙන්ම පුහුණුකරුවන්, ලබාදීම අපගේ යුතුකම බවය. 
     
    "පාසල් වියේදී, තරුණ වියේදී ක්‍රීඩාවේ නියැලෙන දරුවන් ඉන් අනතුරුව ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. නමුත් එය වළකමින් ක්‍රීඩාවට අවශ්‍ය අනුග්‍රහය, විදේශ පුහුණුවීම් හා සම්පත් ලබාදෙන්න ක්‍රීඩා අමාත්‍යාංශය විදිහට අපි කැමතියි. මේ පිළිබඳ දිර්ඝ කාලීන සැලසුම් අවශ්‍ය බවත්, ලංකාවේ ජනප්‍රිය මේසපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට ධෛර්යයෙන් යුතුව කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, මේස පන්දු සංගමයේ සභාපති රජීව් විජේතුංග යන මහත්වරු එක් වී සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya