මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේක්හවුස් ක්‍රිකට් ශූරතාවලිය අද

    ජූනි 20, 2015
    ලේක්හවුස් ක්‍රීඩා සමාජය සංවිධානය කරන ලද අන්තර් දෙපාර්තමේන්තු සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය අද (20) දෙමටගොඩ දුම්රියපොළ (මවුන්ට් මේරි) ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
     
    ක්‍රීඩාවේ උන්නතිය හා සේවකයන්ගේ සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් සංවිධාන වන තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙයි. කණ්ඩායම් 19කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ ශූරතාව, අනුශූරතාව, තරගාවලියේ වීරයා, තරගාවලියේ හොඳම පන්දු යවන්නා හා අවසන් තරගයේ වීරයා සඳහා වටිනා කුසලාන හා පදක්කම් පිරිනැමෙනු ඇත. එමෙන්ම සහභාගීවන සියලු ම කණ්ඩායම් සඳහා සහතිකපත් පිරිනැමීමට ද කටයුතු කරනු ඇත.
     
    ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනමාධ්‍ය අමාත්‍යාංශෙය් ලේකම් කරුණාරත්න පරණවිතාන, ලේක්හවුස් සභාපති කාවන් රත්නායක, ලේක්හවුස් මෙහෙයුම් අධ්‍යක්ෂ ක්‍රීඩා සමාජ සභාපති ලක්ෂ්මන් හේවාපන්න යන මහත්වරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු අධ්‍යක්ෂවරුන් සහභාගිත්වයෙන් මේ තරගාවලිය පැවැත්වීමට නියමිතය.
     
    NDH

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya