මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 - ජාතික ක්‍රීඩා උළෙල - උතුරු පළාතේ දී

    ජූනි 24, 2015

    ජාතීන් අතර සංහිදියාව තවදුරටත් වර්ධනය කර ගැනීමේ අරමුණින් යුතුව 2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාත් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට රජය තිරණය කර ඇත.

     

    මේ හරහා උතුරු පලාතේ ක්‍රීඩා පහසුකම් ඉහල නැංවීමටද අවස්ථාව සැලසෙන අතර රටේ ජීවත්වන විවිධ ජාතීන් හා ආගම්වල තරුණ පරපුර අතර අනෝන්‍ය අවබෝධය හා සම්බන්ධතා ගොඩනැඟීමට මං සැලසේ. එසේම ඔවුන් අතර ඇති නොසන්සුන් බව හා යුදමය ගැටුම් සදහා ඇති ඉඩකඩ අවම වී ඔවුන් අතර සාමය හා සමගිය වර්ධනය වීමටද මෙය බොහෝදුරට ඉවහල්වේ.

     

    ඒ අනුව 2016 ජාතික ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 08ක් යාපනය ක්‍රීඩා සංකීර්ණයේ දී ද, අනෙක් තරග ඉසව් 14 කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයේ දී ද පැවැත්වේ. හොකී, ජිම්නාස්ටික් හා වෙරළ අත්පන්දු ඉසව් යාපනය හා කිලිනොච්චියෙන් පිටත පැවැත්වෙනු ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya