මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියාවේ අධික උණුසුමින් 2,300කට අධික පිරිසක් මිය යති

    ජූනි 03, 2015

    ඉන්දියාවේ අධික උණුසුම හේතුවෙන් 2,300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය රජය නිවේදනය කර ඇත.

    ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිල ප්‍රකාශනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ජුනි 5 වෙනිදා සිට කේරල ප්‍රාන්තයේ සිට නිරිත දිග මෝසම් ආරම්භ වීමත් සමඟ හිතකර කාලගුණ තත්වයක් ඇති වනු ඇති බවයි.

     

    ආන්ද්‍රා සහ තෙලංගනා වැනි දකුණු ඉන්දියානු ප්‍රාන්තවල සිදු වූ මෙම මරණවලින් බොහෝ සංඛ්‍යාවක් අධික උණුසුම නිසා හටගත් විජලන තත්වයන් හේතුවෙන් සිදු ව ඇතැයි වාර්තා වේ.

     

    අධික උණුසුම නිසා ඉන්දියාව පුරා වාර්තා වූ 2,338ක් මරණ සංඛ්‍යාවෙන් 90කට වැඩි මරණ සංඛ්‍යාවක් ආන්ද්‍රා, තෙලංගනා සහ ඔඩිෂා ප්‍රදේශවලින් වාර්තා වී ඇත.

     

    පසුගිය දිනවල ඉන්දියාවේ දී වාර්තා වූ අංශක 120 නොහොත් සෙල්සියස් අංශක 50ක උෂ්ණත්වය පෘතුවි ඉතිහාසයේ වාර්තා වූ පස්වැනි මාරාන්තික උෂ්ණත්වය බව කාලගුණ විද්‍යා භූගත කාලගුණ සම්බන්ධ අධ්‍යක්ෂ ජෙෆ් මාස්ටර්ස් ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya