මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැල්පන්දු ලෝක ශූරතාවලියට යන ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය

    ජූනි 03, 2015
    එළඹෙන අගෝස්තු මාසයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හීදී පැවැත්වෙන ලෝක දැල්පන්දු ශූරතාවලියට ඉදිරිපත් කර ඇති ජාතික දැල්පන්දු කණ්ඩායමට සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ අනුමැතිය ලැබී ඇත.
     
    ඒ අනුව තිසලා තරණි අල්ගම, දර්ශිකා ලක්මාලි අබේවික්‍රම, හසිතා ලක්මාලි මෙන්ඩිස්, කේ.බී.කේ.සේමිනී අල්විස්, එච්.කේ.ජී.ජී. අමරවංස, තිලිනි වත්තෙගෙදර, යූ.ජී.සුරේකා කුමාරි, නිරෝෂා පායිවා, දීපිකා දර්ශනි අබේකෝන්, සී.එස්.ඩබ්.ජයසූරිය, ගයනි දිසානායක, පී.ඒ.විරාජි චමරිකා යන ක්‍රීඩිකාවන්ට අනුමැතිය ලැබී ඇත. 
     
    එමෙන්ම ජේ.කේ.කේ.ජයවීර, පී.අස්විනී සහ වෙනිජා පරමලිංගම් යන ක්‍රීඩිකාවන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සහභාගී වීමට නියමිතය.
     
    කණ්ඩායම් පුහුණුකාරිනී දීප්ති අල්විස්, සහකාර පුහුණුකාරිනී තමාරා ලියනගේ, කණ්ඩායම් කළමනාකාරිනී ඔලිවීයා ගමගේ, ප්‍රාථමික චිකිත්සක පී.ඩී.ඩී.එන්.ප්‍රසාදි සහ වෛද්‍ය ලාල් ඒකනායක යන මහත්ම මහත්මීන් නිලධාරී මණ්ඩලය ලෙස මෙම ක්‍රීඩිකාවන් සමග තරගාවලියට සහභාගිවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya