මැයි 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නියෝජ්‍ය විදේශ ඇමති ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට

    ජූනි 04, 2015

    නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පී. පෙරේරා මහතා ඊයේ (03) සිට 05 වෙනිදා දක්වා පැවැත්වෙන ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සමුළුවට සහභාගී වේ.

    දැනට ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ සභාපතීත්වය දරනු ලබන්නේ රුසියාව විසිනි. මෙම සංවිධානය 2001 වසරේ ආරම්භ කරන ලැබූ සංවිධානයකි.

     

    චීනය, කසකස්තානය, කිර්ගිස්තානය, රුසියාව, තජිකිස්තානය සහ උස්බෙකිස්තානය මෙම සංවිධානයේ සාමාජික රටවල් හය වන අතර ඇෆ්ගනිස්තානය, ඉන්දියාව, ඉරානය, මොන්ගෝලියාව සහ පකිස්තානය මෙහි නිරීක්ෂණ රාජ්‍යයන් වශයෙන් ද බෙලරුසය, ශ්‍රී ලංකාව සහ තුර්කිය සංවාද සාමාජික රටවල් ලෙස ද කටයුතු කරනු ලබයි.

     

    මෙම සංවිධානයේ අරමුණු වන්නේ සාමාජික රටවල් අතර අන්‍යෝන්‍ය විශ්වාසය සහ සාමාජික රටවල් අතර හොඳ අසල්වැසි සබඳතා ශක්තිමත් කිරීම, ඵලදායී දේශපාලන, වෙළඳ හා ආර්ථික තරගකාරීත්වය ඇති කිරීම, විද්‍යාව, තාක්ෂණය, අධ්‍යාපනය, සංස්කෘතිය, බලශක්තිය, ප්‍රවාහන සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සහ කලාපය තුළ සාමය හා ආරක්ෂාව ඇති කිරීමට කටයුතු කිරීම ය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya