ශ්‍රී ලංකාව තුළ කි‍්‍රකට් තරග විකාශනය කිරීමේ නිල අයිතිය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයෙන් ලබාගත් මිල ගණන් සහ අදාළ ලිපි ලේඛන සැලකිල්ලට ගනිමින් ඉකුත් දා (04) පැවැති කි‍්‍රකට් අතුරු කමිටු රැස්වීමකදී ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.
ඒ අනුව මේ වසරේ (2015) සිට ඉදිරි වසර 3 ක කාලය දක්වා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහභාගී වන කි‍්‍රකට් තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ නිල විකාශන අයිතිය ජාතික රූපවාහිනී සංස්ථාවට හිමිවී ඇත.