මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතර කිරි ගව පාලනය නැංවීමට දිවි නැඟුමෙන් මිලියන 07ක්

    අප්‍රේල් 29, 2014

    මාතර දිස්ත‍්‍රික්කයේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් කිරි ගව පාලනය ව්‍යාප්ත කිරීම සඳහා දිවි නැඟුම වැඩසටහන මඟින් රුපියල් මිලියන 07ක මුදලක් වෙන්කර තිබේ.


    දැනටමත් කිරි ගව පාලනයේ නිරත වන පුද්ගලයන් සහ අලුතින් ඒ සඳහා එක්වීමට කැමත්තක් දක්වන පුද්ගලයන් අතරින් 200 දෙනෙකු තෝරාගෙන ඔවුන් පුහුණු කර වසරක් වයසැති කිරි එළදෙනුන් දෙසීයක් බෙදාදීමට මේ යටතේ සිදු කිරීමට නියමිතය.


    මෙහිදී අදියර හතක් යටතේ කිරි එළදෙනුන් බෙදා දෙනු ඇත. එහි පළමු අදියර යටතේ රුපියල් ලක්‍ෂ 10ක වියදමින් කිරි එළදෙනුන් 30 දෙනෙකු බෙදාදීමක් ද පසුගියදා මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල පරිශ‍්‍රයේදී සිදු කෙරිණි.


    ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවලින් ඉහළ ගුණාත්මක අගයකින් යුතු කිරි එළදෙනුන් මේ සඳහා ලබා ගැනේ. මාතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය මේ වැඩසටහන සංවිධානය කර තිබේ.

     

    NDH/IT-dmu matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya