එම ව්‍යාපෘති අතර මොනෝරේල් සේවාවක් ඇරඹීම කොළඹ නගරයෙන් ගමන් අරඹන බස්රථ සේවා එක් ස්ථානයකට ගෙන ඒම සහ දුම්රිය හා බස් රථ සේවා සම්බන්ධීකරණය ද ඇතුළත්ය.
කොළඹ නගරයේ පවතින අධික වාහන තද බදය නිසා අධික ඉන්ධන දහනයට අමතරව මිනිස් ශ‍්‍රමය දැඩි ලෙස අපතේ යන බව මේ වන විට හෙළි වී ඇත.
නව ව්‍යාපෘතිය නිසා වාහන මෙහෙයුම් වියදම වසරකට මිලියන 213000ක් අඩුකර ගත හැකි අතර ගමන් වේලාවට අදාළ වියදම් අඩුවීම යටතේ රුපියල් මිලියන 136000ක් අඩුකර ගත හැකිය. ඒ අනුව රුපියල් මිලියන 349000ක දැවැන්ත ආර්ථික ප‍්‍රතිලාභයක් කොළඹ ප‍්‍රවාහන සැලැස්ම මඟින් උදාකර ගත හැකි වනු ඇති බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
HC/priu