අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එ.ජා.ප. මන්ත්‍රීවරුන් මත්තලදී කළ ප්‍රකාශවලින් ජනතාව ප්‍රකෝපයට පත් වුණා

    අප්‍රේල් 21, 2014

    හම්බන්තොට වරායේ සහ මත්තල ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට පසුගිය 17 වැනිදා එම ස්ථානයට පැමිණි පිරිසකගෙන් විරෝධතාවක් එල්ල වූ අතර ඔවුන් ගිය වාහනයට බිත්තර සහ ගල් ප්‍රහාරයක් ද එල්ල වීම නිසා උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

     

    එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් පී. පෙරේරා, එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම ආර්. යෝගරාජන් සහ නලින් බණ්ඩාර ජයමහ යන මහත්වරු 17 වෙනි දින දහවල් ගුවන් තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.  එහිදී මත්තල ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් මන්ත්‍රී කණ්ඩායම සඳහා ගුවන්තොටුපොළ නැරඹීමට අවශ්‍ය වාතාවරණය උපරිමයෙන් සලසනු ලැබූ බව මත්තල ගුවන්තොටුපොළ ව්‍යාපෘති සම්බන්ධීකාරක කැලුම් පියංකර මහතා පැවසීය.

     

    මෙම සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් පැවසුවේ මත්තල ගුවන්තොටපොළෙහි අධීක්ෂණ කටයුතු සිදුකළ මන්ත්‍රී කණ්ඩායම ගුවන්තොටුපොළ පිළිබඳ මෙම වසරේ ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටු වූ බවයි. එමෙන් ම අජිත් ජී. පෙරේරා මන්ත්‍රීවරයා එහිදී ගුවන්තොටුපොළෙහි දැනට ගුවන් යානා කොපමණ ප්‍රමාණයක් හසුරුවන්නේ දැයි ප්‍රශ්න කළ බවත්, එහිදී අදාළ නිලධාරීන් විසින් වසරක් තුළ ගුවන් යානා 978කට එහා හසුරුවා ඇති බව පෙන්වා දුන් බවත් ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයා පෙන්වා දුන්නේය.

     

    මෙම අවස්ථාවේදී සිය සතුට පළ කළ මන්ත්‍රී කණ්ඩායම ගුවන් තොටුපොළෙන් එළියට ඇවිත් මත්තල ගුවන්තොටුපොළ හරහා විශාල ලෙස වංචා හා දූෂණ සිදුවන බව පැවසීය.

     

    මෙම ප්‍රකාශය ඇසුණු ජනතාව එහිදී කෑ ගසා සිය විරෝධය ප්‍රකාශ කළා. මෙම සංවිධානයකින් තොරව සිදුවූ දෙයක්. මොවුන්ගේ මෙම නිවට ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ කොන්ද පණ නැති පක්ෂයක ගතානුගතික බවයි.

     

    මන්ත්‍රී පිරිස හම්බන්තොට වරාය නැරඹීමට පැමිණි මොහොතේ ඔවුන් හම්බන්තොට වරායේ පරිපාලන ගොඩනැගිල්ලට ගිය අතර, එහි සිටි ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු පිරිස මන්ත්‍රීවරුන් ඉතා සුහදව පිළිගෙන එහි නැරඹුම් ස්ථානයකට කැඳවාගෙන ගියහ. එහිදී දී ඔවුන්ට  වරායේ සෑම ස්ථානයක් ම ඉතාමත් ක්‍රමාණුකූලව අදාළ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලද අතර, එය නැරඹීමෙන් අනතුරුවද මන්ත්‍රීවරු එහි මේ වන විට ලබා ඇති ප්‍රගතිය පිළිබඳව වඩාත් සතුටු වූ බව හම්බන්තොට වරායේ කණිෂ්ඨ කළමනාකරු (මෙහෙයුම් කොට්ඨාසය) සුසන්ත රාජපක්ෂ මහතා පැවසීය.

     

    නැරඹීමෙන් අනතුරුව ඔවුන් මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ හම්බන්තොට වරාය සුදු අලියෙන් වන බවත්, ස්විමින් ෆූල් එකක් බවට පත් කරන්න මෙය වඩාත් කදිම බවත්ය. මෙවන් සැහැසි ප්‍රකාශවලින් මොවුන් උත්සාහ කරන්නේ රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ කඩා කප්පල් කිරීමටයි. වරෙක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණා මත්තල ගුවන්තොටුපොළ එයාලගේ ආණ්ඩුවක් ආව කළ අනිවාර්යයෙන්ම කෞතුකාගාරයක් කරන බවයි.

     

    මෙම ගුවන්තොටුපොළ ඉදිකරනු ලැබූයේ කෞතුකාගාරයක් කිරීමට නොවන බවත්, හම්බන්තොට තරුණ තරුණියන් දහස් ගණනක් මෙය හදන්න දුක්වින්ද බවත්, මේවා ආරක්ෂා කිරීමට හම්බන්තොට ජනතාව දිවිහිමියෙන් කැප වන බවත් මෙම අවස්ථාවට එක්ව සිටි මත්තල ගුවන් තොටුපොළ හා හම්බන්තොට වරාය නියෝජන කරමින් පැමිණි පිරිස පෙන්වා දුන්නේය.

     

    මෙම අවස්ථාවට හම්බන්තොට වරායේ (මානව සම්පත් කොට්ඨාස) නිලධාරී ජී. බුද්ධික ප්‍රසාද්, (විනය විමර්ශන ඒකකය) නිලධාරී ශෂී කොඩිතුවක්කු සහ සිද්ධිය සියැසින් දුටු ප්‍රදේශවාසී චින්තා දිල්හානි මහත්මිය ද එක්ව සිටියහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya