අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිරිදිය මත්ස්‍ය නිෂ්පාදන අලෙවි කිරීමට‍ නුවරඑළියට ජංගම අලෙවි සැලක්

    අප්‍රේල් 12, 2014

    දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක එක් ව්‍යාපෘතියක් වන මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය අලෙවි කිරීමේ නව ක්‍රමවේදයක් ලෙස නුවරඑළිය, ග්‍රෙගරි වැවෙන් අල්ලාගත් අලුත් මසුන්, බැදපු මාලු ලෙසින් දෙස් විදෙස් සංචාරකයන්ට අලෙවි කිරීමේ ජංගම අලෙවි සැලක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.


    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමෘද්ධි සංගමය සහ නුවරඑළිය මහ නගර සභාව මේ නව වැඩපිළිවෙළ සඳහා සහය ලබා දී ඇත. දිවි නැඟුම ව්‍යාපෘතිය යටතේ හිමි වූ ඩිමෝ බට්ටා ජංගම රථය තුළ මේ අලෙවි සැල ක්‍රියාත්මක වේ. නුවරඑළියේ "අරුණළු ග්‍රාමීය ධීවර සමිතිය" මෙහි ඍජු ප්‍රතිලාභීහු වෙති.

    මිරිදිය පොකුණුවලින් ලබාගන්නා අලුත් මාලු මේ අලෙවිසැල වෙත ඍජුව ඉදිරිපත් කළ හැකි අතර 150කට ආසන්න මිරිදිය ධීවරයන් පිරිසක් මේ සඳහා සිය දායකත්වය සපයනු ඇත. මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ජලජීවි වගා ව්‍යපෘති කාර්යාලයේ එල්.එච්. චන්දන ජේ. කුමාර මහතා ඇතුලු කාර්යය මණ්ඩලය විසින් අනුග්‍රහය සපයනු ලැබේ.

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya