අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල රතු කුරුසෙන් කෝදාපාළුවට ප්‍රජා ජල ව්‍යාපෘතියක්

    අප්‍රේල් 10, 2014

    කෑගල්ල දිස්ත්‍රික් රතු කුරුස සංවිධානයේ මූලිකත්වයෙන් පානීය ජලය නොමැතිව මහත් දුෂ්කරතාවට පත්ව සිටි වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෝදාපාළුව ගම්මානයට රුපියල් ලක්ෂ 12ක වටිනාකමකින් යුත් ප්‍රජා ජල ව්‍යාපෘතියක් ලබාදීම පසුගියදා සිදු කෙරිණි.


    දිස්ත්‍රික් රතු කුරුස සංවිධානයේ සභාපති, දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ හා වරකාපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති කීර්තිසිරි විජේතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රජා ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරිණි.

    මේ මඟින් පවුල් 37කට ප්‍රතිලාභ සැලසෙනු ඇත. කෑගල්ල රතුකුරුස සංවිධානයේ මූලිකත්වයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ මෙම ප්‍රජා ජල ව්‍යාපෘතිය සඳහා ගම්වාසීන්ගේ ශ්‍රමදායකත්වය හා ප්‍රාග්ධන දායකත්වය හිමි වූ අතර වැඩ අවසන් කිරීම සඳහා වරකාපොළ ප්‍රාදේශීය සභාවේ මූල්‍යමය දායකත්වය ලැබුණි. මීට අමතරව රතු කුරුස සංවිධානයේ අනුග්‍රහයෙන් කෝදාපාළුව ගොවි සංවිධානය සඳහා ලක්ෂ තුනක් වටිනා අත්ට්‍රැක්ටරයක් ලබා දීම ද මෙහි දී සිදු කෙරිණි.

    මේ අවස්ථාව සඳහා කෑගල්ල රතුකුරුස සංවිධානයේ විධායක නිලධාරී ආනන්ද උයන්වත්ත ඇතුළු රතු කුරුස සංවිධානයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා ගම්වාසීහු සහභාගී වූහ.

    NDH/dmu_kegalle

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya