“මහින්ද චින්තන ඉදිරි දැක්ම” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක ජනසෙවණ නිවාස දස ලක්ෂයේ “සහස්‍ර ලංකා”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ නිවාස වැඩසටහන යටතේ මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
මධ්‍යම පාංතික නිවාස ව්‍යාපෘතියක් ලෙස ඉදිවෙන මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස 39කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියකි. මේ සඳහා රුපියල් මිලියන 218.53 ක පමණ මුදලක් වැය වේ. රථ වාහන නැවැත්වීමේ පහසුකම්, නාන තටාක, කායවර්ධන මධ්‍යස්ථානයක් ඇතුළු පහසුකම් රැසකින් “ලිවිං හෝම්ස්” නිවාස ව්‍යාපෘතිය සමන්විත වේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා පෞද්ගලික දේපළ සංවර්ධන ආයතනයක් විසින් මෙම නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.
මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරී බ්‍රිගේඩියර් මහින්ද මුදලිගේ යන මහත්වරු, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, නිලධාරීන් සහ දේපළ සංවර්ධකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
DB