නොවැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨ කිලිනොච්චියට

    අගෝස්තු 29, 2014
    කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨ කිලිනොච්චියේ ස්ථාපිත කොට යාපනය විශ්වවිද්‍යාලය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් උසස් අධ‍්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
     
    මෙම පීඨය කිලිනොච්චියට ගෙන යන අතර අලුත්වැඩියාවකට ද ලක් කරනු ලැබේ. මේ අතර සීමිත පහසුකම් සහිතව යාපනයේ ක්‍රියාත්මකව තිබූ විද්‍යා පීඨය ද කිලිනොච්චියට ගෙන ගොස් වැඩි දියුණු කරනු ලැබේ.
     
    යටිතල පහසුකම්, දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලාවක්, පරිගණක විද්‍යාගාරයක්, පුස්තකාලයක්, ක්‍රීඩාගාරයක් හා පරිපාලන කාර්යාල ඇතුළුව මෙම පීඨ දෙක සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 600ක මූල්‍ය ආධාර ඉන්දියාවෙන් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියානු රජය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කොට ඇත.
     
    විෂයමාලා සකස් කිරීමේදී උපකාර කිරීමටත්, ගුරු හුවමාරු සංවිධානය කිරීමටත්, පිළිගත් ඉන්දියානු ආයතනයක් සමග අනුබද්ධ කිරීමක් තුළින් පුහුණු කිරීම් හා පර්යේෂණ පහසුකම් ලබා දීමටත් සහය ලබා දීමට ඉන්දියානු රජය එකඟතාව පළ කොට ඇත.
     
    යාපනය විශ්වවිද්‍යාලය කිලිනොච්චිය වෙත ව්‍යාප්ත වීම සිදුකරනු ලබන්නේ 'විශ්වවිද්‍යාල නගර' සංවර්ධන සැලස්ම යටතේ වන අතර, මෙම සංවර්ධනය තුළින් එම ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ප්‍රතිලාභ රාශියක් හිමි වේ.
     
    DB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya