මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොරෝනා තත්ත්වය යටතේ වුවද වසර අවසානයේ දී ආර්ථිකය තුළ සියයට පහක පමණ වර්ධන වේගයක් අත්පත් කරගත හැකියි

    ජූනි 11, 2021

    කොරෝනා තත්වය යටතේ වුවද මෙරට ආර්ථිකය තුළ සියයට පහක පමණ වර්ධන වේගයක් අත්පත් කරගැනීමට මෙම වසර අවසානයේ දී හැකිවනු ඇති බවත්, කොළඹ නගරය වැනි ව්‍යාපෘති හරහා එයට විශාල දායකත්වයක් සැපයෙනු ඇති බවත්, මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.


    මෙරට ආර්ථිකයේ ඉදිරි තත්වය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද(11) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍ය හමුවේ ඒ මහතා පැවසීය.
    වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ණය නොවන විදේශ විනිමය එනම් ඍජු විදෙස් ආයෝජන මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජය මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා කොවිඩ් තත්වය යටතේ වුවද මෙරට ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට හැකියාවක් ඇති බවත්, එමෙන්ම මෙරටින් විදේශයට ඇදීයන විදේශ විනිමය ප්‍රමාණය අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හරහා මෙම ආර්ථික වර්ධනය තහවුරු කර ගැනීමට හැකි බවත්ය.

    මේ වන විට ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව මෙරට මුදල් ඇත්තේ රුපියල් 200ක් අවට බවත්, ඉදිරියේදීත් මෙම මට්ටමේ පවත්වා ගැනීමට හෝ රුපියලේ ප්‍රමාණය වැඩිකරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බලන බවත් මහ බැංකු අධිපතිවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya