මෙම ණය සහන යෝජනාක්‍රමය සඳහා සුදුසුකම් ලබන ව්‍යාපාර හා පුද්ගලයන් අතරට පොදු මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා, කාර්යාල මගී ප්‍රවාහන සේවා, ත්‍රි රෝද රථ ඇතුළු කුළී රථ සේවා ආදී පුද්ගලික මගී ප්‍රවාහන සේවා සපයන්නන්, සහ සංචාරක ක්ෂේත්රය සඳහා මගී ප්‍රවාහන පහසුකම් සපයන්නන් ඇතුළත් වේ.
මෙම ණය සහන ලබා ගැනීමට අපේක්ෂා කරන, සුදුසුකම් ලත් ණය ගනුදෙනු කරුවන් විසින්, ඒ සඳහා ඉල්ලීමක් ලිඛිතව හෝ විද්‍යුත් ආකාරයෙන් අදාළ මූල්‍ය ආයතනය වෙත 2021 අප්‍රේල් 19 වැනි දින හෝ ඊට පෙර යොමුකළ යුතුය. කෙසේ වෙතත්, සාධාරණ හේතු මත, මෙම දිනයට පසුව වුවද යොමු කරනු ලබන ඉල්ලීම් සලකා බලන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත දන්වා ඇත.
මූල්‍ය ආයතන විසින්, සුදුසුකම් ලබන ණය ගනුදෙනුකරුවන්ගේ, මීට පෙර ණය සහන කාලයන්ට යටත් වූ කල්බදු පහසුකම් ද ඇතුලත්ව 2021 මාර්තු 31 වන විට සක්‍රිය කාණ්ඩයේ පැවති කල්බදු පහසුකම් සඳහා ණය සහන කාලයක් ලබා දෙනු ඇති අතර, ඒ සඳහා අමතර පොලියක්, 2021 අප්‍රේල් 01 වන දිනට ආසන්නතම දින-364 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි අනුපාතිකයට ආන්තිකයක් එකතු කල පොලී අනුපාතයක් යටතේ, අය කරනු ඇත.
කෙසේ වෙතත්, එම අමතර පොලිය කල් දමන ලද වාරික වල වටිනාකම මත පමණක් අය කළ යුතුය. බලපත්‍රලාභී බැංකු සඳහා මෙම ආන්තිකය වාර්ෂිකව සියයට 1 ක් වන අතර බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් සඳහා අයකල හැකි උපරිම අමතර පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 11.5 නොඉක්මවන ලෙසින් සියයට 5.5ක ආන්තිකයක් නියම කර ඇත. මෙම යෝජනාක්‍රමයට ඇතුළත් කල්බදු පහසුකම් සඳහා කිසිදු දඩ පොලියක් අය නොකරන ලෙසට මූල්‍ය ආයතන දැනුවත් කර ඇත.
මෙම ණය සහන යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු, අදාළ මූල්‍ය ආයතන වෙතින් ලබා ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතන වෙත නිකුත් කරන ලද චක්‍රලේඛ ශ්‍රී ලංකා මහ බැංකුවේ වෙබ් අඩවියෙහි (www.cbsl.gov.lk) දක්වා ඇත.