අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹේ

    මාර්තු 23, 2021

    දෙරටේ ආර්ථික සංවර් ධනය සඳහා ද්විපාර් ශවික වෙළඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර් ධනය කිරීමටත්, දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහා භාවිතා කිරිමට හැකි වන පරිදිත්, ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) සහ චීන මහජන බැංකුව (PBoC) ද්විපාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එලඹෙන ලදී.

    මහජන චීන ජනරජය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වේ. 2020 දී, චීනයෙන් කරනු ලැබූ ආනයන වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.6 ක් විය (ශ්‍රී ලංකාවේ ආනයනයන්ගෙන් 22.3%).

    ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර් දේශය මත, මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මහබැංකු දෙකෙහි අධිපතිවරුන් වන, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර් ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ චීන මහජන බැංකු අධිපති, ආචාර් ය යී ගැන්ග් මහතා, මෙම ගිවිසුමෙහි අත්සන් දායකයන් වේ.

    මෙම ගිවිසුම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක) මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබා ඇත. මෙම ගිවිසුම වසර තුන ක (3) කාල සීමාවක් සඳහා වලංගු වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya