එබැවින් ලංකාවේ ක්‍රියාත්මක වන මාර්ග කාපට් ව්‍යාපෘති, විදුලි සහ ජල ව්‍යාපෘති ඇතුළු සෙසු සංවර්ධන ව්‍යාපෘති නිසා ඇති වන ප්‍රතිඵල ඉදිරියේදී දැකගත හැකි බවද දිසානායක මහතා පැවසීය.
දිසානායක මහතා මේ අදහස් පළ කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ සේවයට බඳවා ගත් මහනුවර දිස්ත්‍රික්කයේ ආර්ථික සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් පැවැත්වූ විශේෂ වැඩමුළුවකදීය.
ජාතික නිෂ්පාදනය හා සම්බන්ධ පසුගිය වසරවල දත්ත පරීක්ෂා කිරීමේදී යටිතල පහසුකම් දියුණු කිරීමෙන් ලබා ගත් ජයග්‍රහණ ප්‍රායෝගිකව දැකගත හැකි බව පැවසූ දිසානායක මහතා කාලාන්තරයක් තිස්සේ ජාතික සංවර්ධනයට පිට පළාත්වලින් දැක්වූ දායකත්වය ඉහළ මට්ටමකට පත්ව ඇති ආකාරය ද පෙන්වා දුන්නේය. 2004 සංඛ්‍යාලේඛනවලට අනුව දකුණු පළාතෙන් ජාතික සංවර්ධනයට ලැබුණු දායකත්වය වූ 8.9%ක ප්‍රමාණය මේ වන විට 11.5% දක්වා ඉහළ ගොස් තිබේ. 2004 මධ්‍යම පළාතේ 9.2% ක් වූ දායකත්වය මේ වන විට 9.6% දක්වා ඉහළ ගොස් තිබේ. උතුරු මැද පළාතේ 3.6% ක් වූ එම අගය මේ වන විට 4.7% දක්වා ඉහළ ගොස් තිබේ. ජාතික සංවර්ධනයට පළාත්වලින් ලැබී ඇති දායකත්වය සෙසු බොහෝ පළාත්වලද මෙලෙස ඉහළ ගොස් තිබෙන බව ඔහු කීය.
ජාතික සංවර්ධනයේදී බස්නාහිර පළාතට සීමා වී තිබූ දායකත්වය මෙලෙස ඉහළ යෑමට ප්‍රධාන හේතුව දිවයිනේ සියලුම පළාත්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම බව ද දිසානායක මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය කළමනාකාරවරයා වසර තිහක කුරිරු යුද්ධයකින් පසු ක්‍රමයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරමින් සිටින බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විවිධ සංවිධාන ඌන සංවර්ධන රටක් වශයෙන් එදා හැඳින්වූ ශ්‍රී ලංකාව අද වන විට පහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්ව තිබෙන බවත් පැවසීය. දැනට සිදු කෙරෙමින් යන සංවර්ධන ව්‍යාපෘති එලෙසින්ම ක්‍රියාත්මක වුවොත් තව වසර කිහිපයක් ගතවීමට පෙර ශ්‍රී ලංකාව ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පහසුවෙන් පත් වන බව ද දිසානායක මහතා පෙන්වා දුන්නේය.
ලංකාවේ දිළිඳුකම පිළිබඳ සංඛ්‍යාලේඛන සලකා බැලීමෙන් මෙය තවත් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි බව පැවසූ දිසානායක මහතා 1991 දී 26% ක් වූ දිළිඳුකම, 2009 වන විට 8.9% දක්වා පහත වැටී ඇති බව ද පැවසීය. 2012 වසරේදී එම අගය 6.5% දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබුණු බව පෙන්වා දුන් ඔහු රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ යටතේ 2016 වසර වන විට දිළිඳුකම 2% දක්වා අඩු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද පෙන්වා දෙන ලදී.
එදා අපට අඩු පොලියට ණය දුන් රටවල් අද වන විට එවැනි අඩු පොලියට ණය නොදෙන්නේ වෙනත් හේතූන් නිසා නො ව ශ්‍රී ලංකාව අද ඌන සංවර්ධිත රටක සිට මැදි ආදායම් ලබන රටක් බවට පත් ව තිබෙන නිසා බව පැවසූ ප්‍රාදේශීය කළමනාකාරවයා රටක ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 2000ට වැඩි නම් එම රට ඌන සංවර්ධිත රටක් ලෙස නොසලකන බව ද පෙන්වා දෙන ලදී. 2013 වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3280ක් බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් සංවිධානය කළ මෙම අවස්ථාව මහනුවර දිස්ත්‍රික් ලේකම් එච්.එම්. ගාමිණී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර උඩරට කලා සංගම් ශාලාවේදී පැවති අතර, ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ සේවය මහනුවර දිස්ත්‍රික්කයේ සේවය කරන ආර්ථික සංවර්ධන නිලධාරීහු දහසකටද වැඩි පිරිසක් මීට සහභාගී වූහ.
NDH/TA-dmu kandy