මැයි 14, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හඟුරන්කෙත රිකිල්ලගස්කඩ නගරය සංවර්ධනයට පියවර

    අගෝස්තු 21, 2014

    නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා නුවරඑළිය දිස්ති‍්‍රක් නායක, පුද්ගලික ප‍්‍රවාහන සේවා  අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව රිකිල්ලගස්කඩ නගරය සංවර්ධනය කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පසුගියදා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය.

     

    සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනයත් සමඟ ඊට සරිලන අන්දමින් නගරය සංවර්ධනය කිරීමේ අරමුණින් සී.බී. රත්නායක අමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමන්ගෙන් මෙම ඉල්ලීම කරන ලදී.නගර සංවර්ධන කි‍්‍රයාදාමය යටතේ රිකිල්ලගස්කඩ නගරයේ තදබදය අවම වන ලෙසට මාර්ග පද්ධතිය සකස් කිරීමටත්, රජයේ කාර්යාල හා කඩ සාප්පු ආදිය විධිමත් ලෙසට ස්ථානගත කිරීමත් සිදු කෙරෙනු ඇත.
     
     
    ඊට අමතරව හඟුරන්කෙත නගරය පූජා නගරයක් ලෙසට සංවර්ධනය කිරීමටත්, වලපනේ නගරය සංවර්ධනය කිරීමටත්, මංතීරු දෙකක් සහිතව ඉදිවෙන කන්දහංදිය - රාගල මාර්ගය හා අනෙකුත් මාර්ග සංවර්ධනය කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍ය ආර්.එම්.සී.බී. රත්නායක මහතා පැවසීය.
     
    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya